30.5 C
Colombo
Tuesday, April 23, 2024

තෙල් පෝලිමේ විනය බලන්න යුද හමුදාව

- Advertisement -

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මැදිහත්වීම යටතේ ක්‍රියාත්මක ඉන්ධන හල් අධීක්ෂණය කිරීම සඳහා යුද හමුදා සෙබළුන් යෙදවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, අද සිට ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන බෙදාහැරීම ක්‍රමවත්ව සිදුවන්නේද යන්න පිළිබඳව හමුදා සෙබළුන් යොදවා නිරීක්ෂණය කරන බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා පවසන්නේ.

ඉන්ධන හල් වෙත ලබාදෙන ඉන්ධන තොග නිසිරි පරිදි බෙදා හැරීම සිදු නොවන බවට වාර්තා වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති අතර මේ නිසා ඉන්ධන ලබා ගැනීම සඳහා දිගු පෝලිම්වල රැඳී සිටීමට ජනතාවට සිදුව ඇති තිබේ. එම පෝලිම්වලදී ඇතිවන නොසන්සුන්කාරී තත්වයන් සම්බන්ධයෙන් දිනපතා වාර්තා වේ.

මෙවැනි නොසන්සුන්කාරී තත්වයත් ඇතැම්විට ගැටුම් දක්වා දුරදිග යන අතර පෙරේදා රාත්‍රියේදී එවැනි ගැටුමක් හේතුවෙන් පුද්ගලයෙකු ඝාතනයට ලක් විය.

මෙම තත්වය මත බවුසර් මගින් ඉන්ධහල් වෙත රැගෙන ඉන ඉන්ධන තොග නිසි පරිදි පාරිභෝගියක් වෙත බෙදා හරින්නේද යන්න යුද හමුදා සෙබළුන් විසින් නිරීක්ෂණය කරන බවත්, ඒ හැර වෙනත් කිසිදු කාර්යයකට හමුදා සෙබළුන් මැදිහත් නොවන බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

උමා ඔය ව්‍යාපෘතිය හෙට ජනතා අයිතියට

ඉරාන ජනාධිපති ඊබ්‍රයිම් රයිසි මහතා හෙට මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ, උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් ජනතා අයිතියට භාරදීමේ උත්සවයට සහභාගී වීම...

රන් භාණ්ඩ සොරකමට මුල්‍ය ආයතනයේම දෙන්නෙක් අත්අඩංගුවට

කලවාන නගරයේ පිහිටි පුද්ගලික මූල්‍ය ආයතනයක් බිඳ රන්භාණ්ඩ සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් දෙදෙනා ඊයේ (22) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර...

මාලිමා අපේක්ෂකයෙක් විහාරස්ථානයකට කඩා වැදී පුද්ගලයෙකුට පහර දීලා

පාර හරස් කර නවතා තිබූ ලොරි රථයක් ඉවත් කරවීමට ගත් උත්සාහයක් නිසා බහින් බස් වීමක් දුරදිග යෑමේ හේතුව නිසා අනුරාධපුර අභය වැව විහාරස්ථානයට කඩා...

POPULAR ARTICLES

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...