26.4 C
Colombo
Thursday, March 28, 2024

රුසියානු සහ යුක්‍රේන ජාතිකයන් ගෙන්වා ගැනීම ඉහළ දැමීමට සැලසුමක්

- Advertisement -

මෙරටට රුසියානු සහ යුක්‍රේන සංචාරකයන් ගෙන්වා ගැනීම උදෙසා වන සංචාරක ප්‍රවර්ධන කටයුතු ඊයේ (06) දින ඇරඹූ බව සංචාරක අමාත්‍යාංශය කියා සිටිනවා.

ඒ අනුව, රුසියානු මාධ්‍යවේදීන් හා සංචාරක සංවිධාන ආයතන නියෝජිතයින් අතරත්, ශ්‍රී ලංකාවේ සංචාරක සංවිධාන නියෝජිතයින් අතරත් සාකච්ඡාවක් ඊයේ රුසියාවේ දී පැවති බවයි අමාත්‍යාංශය පවසන්නේ.

කොරෝනා වසංගතය හේතුවෙන් අර්බුදයකට මුහුණ දෙමින් ඇති මෙරට සංචාරක ව්‍යාපාරය නගාසිටුවීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙල යටතේ මෙම වැඩසටහන් ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් බව සංචාරකයින්ට පෙන්වා දීම සඳහා මෙරට සංචාරක ස්ථානවල ඡායාරූප ඇතුළත් ප්‍රදර්ශනයක් ද රුසියාවේදී දී පැවැත්වේ.

මෙවැනිම සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් යුක්රේනයේ දී ද ක්‍රියාත්මකකෙරෙන බවයි සංචාරක අමාත්‍යාංශය කියා සිටින්නේ.

ඉකුත් කාලයේ සංචාරකයින්ගේ පැමිණීම අනුවවැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණි රටවල් 10 අතරට රුසියාව සහ යුක්රේනය ඇතුළත් වේ.

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...