33 C
Colombo
Friday, March 29, 2024

හොංකොංහි කාදිනල් අත්අඩංගුවට

- Advertisement -

හොංකොංහි කතෝලික ප්‍රජාවේ නායක කාදිනල් ජෝසප් සෙන් සෙ-කියුන් අත්අඩංගුවට ගැනීම එම ප්‍රජාව තුළ කම්පනයක් මෙන්ම කනස්සල්ල ද ඇතිකර ඇති බව වාර්තා වේ.

90 හැවිරිදි කාදිනල්වරයා, හිටපු විපක්ෂ නීති සම්පාදකවරියක් වන මාග්‍රට් න්ගාවෝ යී සහ ගායිකාවක් වන ඩෙනිසේ හෝ වෑන් සි පසුගියදා ජාතික ආරක්ෂක පොලිසිය විසින් රඳවා ගනු ලැබුවේ විදේශ බලවේග සමඟ හවුල් වූ බවට චෝදනා කරමිනි.

මෙවැනි දැඩි ක්‍රියාමාර්ගයක් මගින් ආගමික කණ්ඩායම්වලට එරෙහිව කටයුතු කිරීමේ රජයේ අභිලාෂය පෙන්වන බව එරට වාර්තා කියයි.

මෙම පියවර ආගමට වඩා දේශපාලනය කේන්ද්‍ර කරගත් බවද එම වි‍ශ්ලේෂකයෝ පවසති.

මෙම අත්අඩංගුවට ගැනීම්, 2020 ජූනි මාසයේදී නගරය මත පනවන ලද මතභේදාත්මක ජාතික ආරක්ෂක නීතිය බලාත්මක කිරීමේ බලධාරීන්ගේ නවතම පියවරක් බවට ද චෝදනා එල්ල වී තිබේ.

මේ අතර හොංකොං ජාතික ආරක්ෂක පොලිසිය විසින් ආසියාවේ ජ්‍යෙෂ්ඨතම කතෝලික පූජකවරයෙකු වන ජෝසප් සෙන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව වතිකානුවද සිය කනස්සල්ල පළ කර තිබේ.

RECENT ARTICLES - SINHALA

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වෙනුවට අලුත් බද්දක්

දේශිය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කරන බවත් දේශිය ගොවීන් සහ...

500ක අල්ලසක් ගත් සැරයන් වසර 4ක් හිරේ

රුපියල් 500 ක අල්ලස් මුදලක් ලබා ගත් පොලිස් සැරයන්වරයෙකුට වසර හතරක සිර දඬුවමක් නියම කර ඇති බවට පුවතක් වාර්තා වෙනවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන...

අපි විදේශ ගිවිසුම් වලට විරුද්ධ නෑ – විමල්ගේ පක්යෙන් අමුතු එළියක් (වීඩියෝ)

ජාතික නිදහස් පෙරමුණ විදේශ රටවල් සමඟ ඇති කරගන්නා ගිවිසුම් කිසිවකට විරුද්ධ නොවන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසනවා. අන්තර්ජාල නාලිකාවක්...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...