ප්‍රමිතියෙන් තොර pulse oximeter අලෙවිකරන ෆාමසි රැසක් අද දිනයේ (28) ගාල්ල දිස්ත්‍රික්කය පුරා ආහාර සහ ඖෂධ පරීක්ෂකවරුන්ගේ හදිසි පරීක්ෂාවට ලක් වුණා.
මෙම හදිසි පරික්ෂාව ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ගේ උපදෙස් පරිදි සිදුකර තිබෙනවා.
එහිදී ගාල්ල සහ කරාපිටිය ප්‍රදේශයේ ෆාමසි වල අලෙවිකළ නිසි ලියාපදිංචියක් නොමැති සහ ගුණාත්මකභාවයෙන් අඩු pulse oximeter රැසක් ගාල්ල දිස්ත්‍රික් ආහාර සහ ඖෂධ පරීක්ෂකවරුන්ගේ භාරයට ගැනුණා.
මෙම උපකරණ පිළිබඳ විස්තර ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත ඉදිරිපත් කර ඒවා අලෙවි කළ ෆාමසි සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ආහාර සහ ඖෂධ පරීක්ෂකවරු සඳහන් කරනවා.