25 C
Colombo
Saturday, March 25, 2023

මුහුණු පොත හරහා ජනාධිපතිවරයාව විවේචනය කළ අයෙක් අත්අඩංගුවට

- Advertisement -

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව විවේචනය කරමින් තම අදහස් විඩියෝවකින් මුහුණු පොත හරහා ප්‍රකාශ නිකුත් කළේ යැයි සැකපිට ෆසාල් මොහොමඩ් නිසාර් මහතාව අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇත.

නිසාර් මහතාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි මස 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය එම නියෝගය නිකුත් කර ඇත.

නිසාර් මහතාව ජාතීන් අතර සුහදතාවය බිඳ වැටෙන ආකාරයට භික්ෂූන් වහන්සේලා ඇතුළු විවිධ පාර්ශව වලට අපහාස වන ආකාරයෙන් විවිධ ප්‍රකාශ මුහුණුපොත හරහා නිකුත්කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

එසේම සැකකරු ව්‍යාපාර රැසක් බිඳවැටී තිබියදී විශාල ධනවතෙකු මෙන් සුඛෝපභෝගී ජීවිතයක් ගතකරන බව සඳහන් කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එය අදිකරණයට පෙන්වා දී ඇති අතර සැකකරු නීති විරෝධී අයුරින් මුදල් උපයන්නේද යන්න සැක සහිත බව දැනුම් දී ඇත.

ඒ අනුව ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට සහ එදිනට පරීෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

RECENT ARTICLES - SINHALA

මහ බැංකු අධිපතිට ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවන්ගෙන් ස්තුතිය

0
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ඊයේ (24) දිනයේ ස්තුතිය පළකර තිබෙනවා. ඒ...

යළි වාහන ආනයනයට අවසර දෙන්න – වාහන ආනයනකරුවන්

0
වාහන ආනයනය සඳහා අවශ්‍ය පහසුකම් සලසන මෙන් ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා. එම සංගමයේ ලේකම් ප්‍රසාද්...

බලශක්ති ආයෝජනය ගැන ඉන්දියාව සමඟ සාකච්ඡා

0
LNG යටිතල පහසුකම් සංවර්ධනය සහ සැපයුම ඇතුළු බලශක්ති ක්ෂේත්‍රය සම්බන්ධව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ ඉන්දීය බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රධානීන්...

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...