කූඨ ලේඛන ඉදිරිපත් කර මෝටර් රථයක් ලියාපදිංචි කිරීමට කටයුතු කළ පුද්ගලයෙකු වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2023 වසරේ ජූනි 13 වන දින ප්‍රදේශයේදී වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත ලද තොරතුරකට අනුව කඩවත ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කර තිබුණා.
මේ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේදී අනාවරණය කර ගත් තොරතුරු මත මෝටර් රථවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංක තහඩු සහිත නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද ජිප් රථයක් 2024 දෙසැම්බර් 26 වන දින මීරිගම හල්පේ ප්‍රදේශයේ නිවසක තිබියදී සොයා ගෙන තිබෙනවා.
එහිදී තවදුරටත් අනාවරණය වී ඇත්තේ එම ජීප් රථය කොටස් වශයෙන් මෙරටට ආනයනය කර එකලස් කරන ලද්දක් බවයි.
එමෙන්ම, එම රථයට අත්ට්‍රැක්ටරයක ලියාපදිංචි අංක යොදා කූඨ ලේඛන මෝටර් රථවාහන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරමින් ඉහත මෝටර් රථයට ලියාපදිංචි ලේඛනයක් සකස් කිරීමට කටයුතු කර ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.