24 C
Colombo
Sunday, February 16, 2025

අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් පිරිස රිමාන්ඩ්

- Advertisement -

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් පිරිස එළැඹෙන පෙබරවාරි මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

27 වැනි දින රාත්‍රී කාලයේදී කන්කසන්තුරය මුහුදු සීමාවේ ඉන්දීය ධීවරයින් පිරිසක් සංචාරයේ යෙදෙමින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කර ධීවර කටයුතුවල නිරතවන බවට නාවික හමුදාවේ නිලධාරියෙකු විසින් කන්කසන්තුරට පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ලැබී තිබුණා.

ඒ අනුව මෙම ඉන්දීය ධීවරයින් පිරිස අත්අඩංගුවට ගැනීමට යාමේදී ඉන්දීය ධීවරයෙකු විසින් නාවික හමුදා නිලධාරියෙකු සමග පොර බැදීමක් සිදුව ඇති අතර එහිදි නාවික හමුදා නිලධාරියාගේ රාජකාරී ගිනි අවිය ස්වංක්‍රීයව ක්‍රියාත්මක වී ඇති බවත් එම පැමිණිල්ල මගින් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

එහිදී ධීවරයින් දෙදෙනෙකුගේ පාදවලට වෙඩි වැදී තුවාල සිදුව ඇති අතර එම දෙදෙනා යාපනය මහ රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබන බවටත් ප්‍රකාශයක් ලබා දී තිබුණා.

තවද ධීවරයින් 11 දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබූ බහුදින යාත්‍රාව ඇතුළු දේපළ නාවික හමුදා භාරයටත් ගෙන තිබුණා.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES