24 C
Colombo
Sunday, February 16, 2025

අත්අඩංගුවට ගත් හිටපු සිපෙට්කෝ ලොක්කට ඇප

- Advertisement -

2014 වසරේ බිංගිරිය හා පන්නල ප්‍රදේශවලට ගංවතුර වලින් පීඩාවට පත් වූවන්ට ආධාර ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 61කට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් දා අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හරින ලද හිටපු අමාත්‍ය අනුර ප්‍රියර්දර්ශන යාපා ඇතුළු සැකකරුවන්ට අදාළ නඩුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවෙකු වන ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු කළමණාකාර අධ්‍යක්ෂ සුසන්ත සිල්වා ඇපමත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (31) නියම කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මේ වන විටත් ඇප මත මුදා හැර ඇති නිසා මෙම සැකකරුද ඇප මත මුදාහරින ලෙස විත්තියේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය අදාළ සැකකරු රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළා.

පැමිණිල්ල නැවත මැයි මස 06 වන දා කැඳවීමටද නියම කළා.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES