ගල්කිස්ස සරණපාල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගිනි අවිය ලබාදුන් සැකකරුවෙකු බද්දේගම ප්‍රදේශයේදී ඊයේ (23) අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය පවසනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පෙදරේරු රැකියාවේ නියුතු පුද්ගලයෙක්.
දැනට විදේශගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන බඩෝ විට අසංක සහ කවිඳු ධනංජය නොහොත් සැන්ඩා නැමැති අපරාධකරුවන් විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇති බව පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකරු විසින් ඝාතනය සඳහා පැමිණි යතුරුපැදිකරුවන් දෙදෙනා රත්මලාන ප්‍රදේශයේ කුලී නිවසක රඳවාගෙන එම ඝාතනය සඳහා ගිනි අවිය සහ යතුරුපැදිය ලබාදී තවත් යතුරු පැදියකින් පැමිණ සැකකරුවන්ට මාර්ගය පෙන්වාදී ඇති බව පොලිසිය පවසනවා.
මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධකරුවකු වන බඩෝ විට අසංක සහ කොස් මල්ලි නැමති සංවිධානාත්මක අපරාධකරුවන් අතර පවතින ආරවුලක් මත මෙම ඝාතනය සිදුවී ඇති බව අනාවරණය වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
බස්නාහිර පළාත් දකුණ බාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර විමර්ශන සිදු කෙරෙනවා.