අත්අඩංගුවට ගත් රූපවාහිනී නිවේදිකාවට ඇප

සමාජ මාධ්‍ය ජාලා මගින් ප්‍රචණ්ඩත්වය පැතිරවීමට ආධාර අනුබල ලබාදීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් රූපවාහිනී සංස්ථාවේ නිවේදිකාවක් වන වසුන්දරා ගමගේ මහත්මියට ඇප ලබාදී තිබෙනවා. ඊයේ (18) පස්වරුවේ අත්අඩංගුවට ගත් ඇයව අද අධිකරණයට ඉදිරිපත් කළ බව පොලීසිය සඳහන් කරනවා. ඊට අදාළ නඩුව එළැඹෙන ජූනි 24 වනදා කැඳවීමට නියමිතයි.