වාද්දුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් පොලිස් ඇප මත මුදාහැරීමෙන් පසු මිය ගොස් ඇති බවට ලද ලද පැමිණිල්ලක් මත පානදුර පොලිස් අධිකාරී කාර්යාලය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
ඒ මිය ගිය පුද්ගලයාගේ බිරිඳ පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයට සිදු කළ පැමිණිල්ලකින් අනතුරුවයි.
මෙසේ මිය ගොස් ඇත්තේ, වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ පදිංචි ආර්.එම්. සමිත දිල්ෂාන් නමැති 24 හැවිරිදි එක්දරු පියෙක්.
පොලීසිය පවසා ඇත්තේ, මියගොස් ගිය තැනැත්තා රිය අනතුරක් සම්බන්ධයෙන් වාද්දුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පැය කිහිපයක් රඳවාගෙන පොලිස් ඇප මත මුදාහැරි බවයි.
ඇප මත මුදාහැරීමෙන් පසු ඔහු සිය නිවසට ගොස් ඇති අතර රාත්‍රියේ ලේ වමනය කර රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.
මෙම සිදුවීමට විරෝධය පළ කරමින් ඊයේ (11) රාත්‍රියේ තල්පිටිය ප්‍රදේශවාසින් විරෝධතාවයක්ද පවත්වා තිබුණා.