පාදුක්ක නැගෙනහිර ග්‍රාම නිළධාරී වසමට අයත් අරුක්වත්ත ප්‍රදේශයේ නිවසක් තුලදී මිය ගොස් සිටි පුද්ගලයෙකුට කොවිඩ් ආසාදිත බව හදුනාගෙන ඇත.
අදාල පුද්අගලයාගේ මෘත දේහයට අවිස්සාවේල්ල මූලික රෝහලේ දී සිදුකල PCR පරීක්ෂණයකදී කොවිඩ් වෛරසය ආසාදනය වී මියගොස් ඇති බව හදුනාගෙන ඇති අතර ඔහු පදිංචිව සිටි පාදුක්ක නැගෙනහිර ප්‍රදේශය හුදකලා කිරීමට කටයුතු කර ඇත.
උණ රොගයක් හේතුවෙන් දෙසැම්බර් 24 දින නිවසේදී මිය ගොස් සිටි මෙම 74 හැවිරිදි පුද්ගලයාගේ දේහය රෝහල් ගත කිරීමට යාමේදී ප්‍රදේශයේ විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගී වී ඇති බවත් අදාල පුද්ගලයන් හදුනාගෙන ඔවුන්ව පිසීආර් පරික්ෂණවලට යොමු කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවත් වාර්තා වේ.