28.4 C
Colombo
Friday, April 26, 2024

අරුන්දික කිසිදා ගුවන් නියමුවෙක් ලෙස සේවය කර නැහැ – ගුවන් නියමුවන්ගේ සංසදය

- Advertisement -

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් නියමුවෙකු ලෙස සේවය කර නොමැති බව ශ්‍රී ලංකා ගුවන් සේවා ගුවන් නියමුවන්ගේ සංසදය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සංසදය පවසන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවය කරන ගුවන් නියමුවන්ගේ එකම නියෝජිතයා වශයෙන් තම සංසදයට, ඔහු ගුවන් නියමුවෙක් ලෙස සිටි බවට තහවුරු කෙරෙන කිසිදු තොරතුරක් හමු නොවූ බවයි.

පසුගියදා පාර්ලිමේන්තුව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කළේ පසුගිය මැයි 09 වනදා ඇතිවූ කළහකාරී සිදුවීම් අතරතුර තම නිවසටද ගිනි තබා විනාශ කර ඇති බවයි.

එහිදී දේශපාලනයට පැමිණීමට පෙර තම රැකියාව වූ ගුවන් නියමු රැකියාවට අදාළ පියාසර වාර්තා පවා ගිනිබත් වී ඇති බව දුක්මුසුව පවසා සිටියා.


RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...