26.1 C
Colombo
Monday, June 16, 2025

ජනාධිපති කෙනෙක් විදියට සිඟිති ආතල් දෙන්න හොඳ නැහැ – ගීතා

- Advertisement -

ගිලෙන බෝට්ටුවකට නැග සියදිවි නාසාගැනීමට තමන්ට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව හිටපු ළමා හා කාත්තා කටයුතු රාජ්‍ය ඇමතිනි ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය පවසනවා.

මෙවර ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සිය සහාය පළ කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්, අද (11) කොළඹ පැවති සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවකදී ඇය මෙම අදහස් පළ කළා.

 ජනාධිපතිවරණයට දවස් 8ක් පමණක් ඉතිරිව තිබියදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමාව ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශයෙන් තමාව ඉවත් කළ බවත් ජනාධිපතිවරයෙකුට යුතු ක්‍රියා කලාපයක් නොවෙන බවත් ගීතා කුමාරසිංහ මහත්මිය මෙහිදී පවසා සිටියා.

“ආණ්ඩුවෙන් මම කිසිදෙයක් අරගෙන නෑ. ඒ නිසා මම ණයත් නෑ බයත් නෑ. මම ස්වාධින තීන්දු තීරණ ගන්නේ. මම ගීතා කුමාරසිංහ. මේ රටේ ස්වහසක් කලාකාරයින්ගේ හිත දිනාගත්ත කෙනෙක් මම. අපේ ජනාධිපතිතුමා එතුමාව ජනාධිපති කරන්න මමත් ඡන්දෙ දුන්නා. පාර්ලිමේන්තුවේ මගේ ඡන්දෙත් එතුමා ඔය අද ඉන්න පුටුවට එන්න හම්බවුණා. එතුමා ඊයේ වෙනකොට මාව ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශයෙන් අයින් කළා. දවස් කියකටද. තව දවස් 8යි තියෙන්නේ ජනාධිපතිවරණයට ඔය වගේ සිඟිති ආතල් දෙන්න හොඳ නෑ ජනාධිපති කෙනෙක් විදියට.  ඔයා සජිත් ගාවට ගියේ දිනන නිසා නේද කියා අහනවා. මම කිව්වා ඔව්. දිනන නිසාමයි ගියේ. පැරදෙන එකකට ගිහිල්ලා. ගිලෙන බෝට්ටුවකට ගිහිල්ලා සියදිවි නසාගන්න මට ඕනේ නෑනේ. ඔව් මම දිනනවා කියලා දන්වා. ඒ විශ්වාසය මට තියෙනවා. “


RECENT ARTICLES - SINHALA

අධිකරණ අමාත්‍යාංශ ඉහළ නිලධාරිනියකගෙන් CIDයට ප්‍රකාශයක්

ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියකු නිදහස් කිරීමේ සිද්ධියට අදාළව අධිකරණ අමාත්‍යංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරිනියකගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන්...

කොළඹ බලය කාටද?

කොළඹ මහ නගර සභාවේ මංගල සැසිය අද(16) පැවැත්වෙනවා. පෙරවරු 9.30 ට සැසිය ආරම්භ වන්නේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා...

නායයෑමේ අනතුරු ඇඟවීම්

පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 07ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබෙනවා. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම...

POPULAR ARTICLES

අධිකරණ අමාත්‍යාංශ ඉහළ නිලධාරිනියකගෙන් CIDයට ප්‍රකාශයක්

ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියකු නිදහස් කිරීමේ සිද්ධියට අදාළව අධිකරණ අමාත්‍යංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරිනියකගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන්...

ඊශ්‍රායලයට ඇතුළුවීමට හා පිටවීම ගැන දැනුම්දිමක්

ටෙල් අවිව් බෙන් ගූරියන් ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන්ගමන් වසාදැමීම හේතුවෙන් ඊශ්‍රායලයට පැමිණීමට නොහැකි පිරිස්වලට ජෝර්දානය හා ඊජිප්තුව හරහා තම ගමන්වාර සකස්කර ගතහැකි බව ඊශ්‍රායල විදේශ...

කොළඹ බලය කාටද?

කොළඹ මහ නගර සභාවේ මංගල සැසිය අද(16) පැවැත්වෙනවා. පෙරවරු 9.30 ට සැසිය ආරම්භ වන්නේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා...