32 C
Colombo
Friday, March 29, 2024

PCR කරපු විදුහල්පති පාසලට පැමිණි නිසා 60 ක් නිරෝධායනයට යවලා

- Advertisement -

බද්දේගම ක්‍රිස්තුරාජ පිරිමි විද්‍යාලයේ විදුහල්පතිවරයා කොවිඩ් ආසාදිතයෙකු බවට හදුනාගැනීමෙන් පසුව එම පාසලේ ගුරුවරුන් 60 දෙනෙක් නිරෝධායනයට යොමුකර තිබෙනවා.

අදාල විදුහල්පතිවරයා PCR පරීක්ෂණයක් සිදුකර ගැනීමෙන් පසුව නැවතත් පාසලට පැමිණ රාජකාරී කටයුතුවල නිරතව ඇති අතර පසුව පැමිණි PCR පරීක්ෂණ වාර්තාවෙන් ඔහු කොවිඩ් ආසාදිතයෙකු බවට හදුනාගෙන තිබෙනවා.

ඒ අනුව ඔහුගේ ආශ්‍රිතයන් වූ ගුරුවරුන් 60 දෙනෙකු මෙලෙස නිරෝධායනයට යොමුකිරීමට කටයුතු යොදා තිබුණා.

මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් ලංකා ගුරු සංගමය පවසන්නේ කොවිඩ් පරීක්ෂණවලට ලක්වන හා නිරෝධායනයට ලක්වන ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සම්බන්දයෙන් නිශ්චිත ක්‍රමවේදයක් සකසා නොතිබීම හේතුවෙන් මෙලෙස අර්බුදකාරී තත්ත්වයන් ඇතිවන බවයි.

PCR පරීක්ෂණයකට ලක්වීමෙන් අනතුරුව එහි ප්‍රතිපල ලැබෙන තෙක් සේවයට වාර්තා නොකර සිටීමට නොහැකි බැවින් අදාල පුද්ගලයන් පාසලට පැමිණෙන බවත් ඉන් අනතුරුව ඔවුන්ගේ ප්‍රතිපල ධනාත්මක වුවහොත් ඔහුගේ ආශ්‍රිතයන් යැයි සදහන් කරමින් අනෙක් ගුරුවරුන්ද මෙලෙස නිරෝධායනයට ලක්වීම පාසල් පද්ධතිය පවත්වාගෙන යාමට ගැටළු ඇතිකරන බව එම සංගමය පෙන්වා දෙනවා.

එමෙන්ම නිරෝධායනයට ලක්වන ගුරුවරුන්ගේ නිවාඩු සම්බන්දයෙන් නිසි ක්‍රමවේදයක් සකසා නොමැති වීමෙන් ගුරුවරුන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා පෙන්වා දෙන්නේ.

ඊට අදාල දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

ශ්‍රී පාද වන්දනාවේ ගිය විදේශිකයෙක් ප්‍රපාතයකට වැටිලා

රත්නපුර - ශ්‍රී පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදී ආරක්ෂිත වැටෙන් මිටර් 100ක පමණ ප්‍රපාතයට විදෙස් ජාතිකයෙක් ඇද වැටී තිබෙනවා. ඉන්දීය ජාතිකයෙකු වූ අදාළ විදේශිකයා පසුව...

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දෙන්නෙක් පැනල ගිහින්

අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිරකඳවුරෙහි මහජනතාවට විවෘත කර ඇති ආපනශාලාවේ සේවය කළ සිරකරුවන් දෙදෙනෙකු අද (29) දහවල් එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා. බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ...

P.H.I ඝාතන විමර්ශන CIDයට

ඇල්පිටිය ප්‍රදේශයේදී PHI නිලධාරියෙකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් යම් යම් තොරතුරු ලැබෙමින් පවතින බව පොලීසිය පවසනවා. නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...