ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වුණු තුන්වන විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය සුපිරි පන්දු ඕවරයේ දී ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කරනු ලැබුවා.
කණ්ඩායම් දෙකම සිය ඉනිම් සඳහා ලබාගැනීමට සමත්වූයේ ලකුණු 137 බැගින්.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 137 ක් රැස් කර ගැනීමට සමත් වුණා.
ඒ පන්දුවාර 20 අවසානයේ කඩුළු 09ක් දැවී තිබියදීයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පැතුම් නිස්සංක ලකුණු 26 ක්ද, කුසල් මෙන්ඩිස් ලකුණු 43ක්ද, කුසල් පෙරේරා ලකුණු 46ක් ද, වනිඳු හසරංග ලකුණු 03ක්ද, චරිත් අසලංක ලකුණු කිසිවක් නොලබාද, රමේෂ් මෙන්ඩිස් ලකුණු 03 ක්ද රැස් කර ගැනීමට සමත් වුණා.
ඉන්දීය කණ්ඩායම සමඟ ඊයේ (30) පැවති තරඟයේදී දසුන් ශානක වෙනුවට චමිදු වික්‍රමසිංහ කණ්ඩායමට එක් කිරීමට තීරණය කර තිබුණා.
ආරම්භක පන්දු යවන්නා ලෙස පන්දු යැවීමේ විශ්වාසනීය ප්‍රවේශය කණ්ඩායමට ලබා දුන් චමිඳු පන්දු ඕවර 4 තුළ ලකුණු 17 ක් පමණක් ලබා දෙමින් එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා.
එමෙන්ම, ශ්‍රී ලංකාව ජයග්‍රහණය කිරීමට නම් පන්දු 03කදී ලකුණු 05ක් වාර්තා කිරීමට අවශ්‍ය වූ පසුබිමක පිටියට පැමිණි චමිඳු ලකුණු 04ක් ලබා ගෙන තරඟ සම කරමින් එය සුපිරි ඕවරයක් කරා රැගෙන ගියා.
නමුත් සුපිරි ඕවරයේ දී ලංකා පිතිකරුවන් සාර්ථක වූයේ නැහැ.
ඒ කුසල් ජනිත් සහ පැතුම් නිස්සංක පහසුවෙන් දවා ගැනීමට වොෂින්ටන් සුන්දාර් සමත්වූ බැවින්.
ශ්‍රී ලංකා පිතිකරුවන් ඒ අනුව සුපිරි ඕවරයේ දී කඩුලු 2ක් දැවී ලකුණු 2ක් පමණක් ලබා ගත්තේ.
අනතුරුව ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් ඔහු මුහුණ දුන් පළමු පන්දුවට ම හතරේ පහරක් එල්ලකර තරගයේ ජයග්‍රහණය සනිටුහන් කළා.