24 C
Colombo
Monday, December 11, 2023

අසේලව අත් අඩංගුවට ගත්තේ එන්නත් මිශ්‍ර කළ බව ප්‍රකාශ කළ නිසා

- Advertisement -

පාරිභෝගික අයිතින් සුරකිමේ සංවිධානයේ සභාපති අසේල සම්පත් මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇස්ට්‍රාසෙනික කොරෝනා මර්දන එන්නත සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා හරහා අසත්‍ය ප්‍රචාර පැතිර වූ නිසා බවට ශ්‍රී ලංකා පොලිසිය පවසනවා.

යූ ටියුබ් සහ අනෙකුත් සමාජ මාධ්‍යජාල ඔස්සේ සිදුකර තිබූ අසත්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ශන සඳහා ඔහුව අත්අඩංගුවට ගත්බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ.

ඒ, දැනට දින කිහිපයකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඖෂධ නියාමන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා විසින් සිදුකර තිබූ පැමිණිල්ලකට අදාළවය.

ඊට අදාළ වීඩියෝ පට සහ අදාළ ප්‍රකාශ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයින් තබන ලද අදහස් දැක්වීම් සියල්ල අධ්‍යයනය කර එම විමර්ශන කටයුතු සිදුකළ බව ද අජිත් රෝහණ මහතා සඳහන් කර සිටිනවා.

එම පැමිණිල්ලේ සඳහන්ව ඇත්තේ, ඇස්ට්‍රාසෙනෙකා එන්නත ශ්‍රී ලංකාවට ගෙන්වා යම් ද්‍රව්‍ය මිශ්‍රකර බාල කිරීමෙන් අනතුරුව ජනතාවට එන්නත් කිරීම සඳහා ලබාදෙන බවට අසේල සම්පත් මහතා සමාජ මාධ්‍යජාල හරහා අසත්‍ය ප්‍රකාශ සිදුකර ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

AI තාක්ෂණයට ඉතිහාසයේ වැඩිම මුදල අයවැයෙන් වෙන් කළා- ජනාධිපති රනිල්

කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය මෙරටට ගෙන ඒමට සහ විද්‍යාත්මක හා තාක්ෂණ පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මෙරට ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල...

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත යළි හෙට පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තුවට අද (10) දින ඉදිරිපත් කර සම්මත කිරීමට නියමිතව තිබූ වැට් බදු පනත් සංශෝධන පනත් කෙටුම්පත යලි හෙට (11) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත...

පෙට්‍රල් සහ ඩීසල් වලටත් බඳු ගහනවා-රංජිත් සියඹලාපිටිය

පෙට්‍රල් සහ ඩීසල් සඳහා ද VAT නොහොත් එකතු කළ අගය මත බද්ද අය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ඔහු මේ බව...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

අර්ජුනගෙන් අලුත් සන්ධානයක්

දූෂිතයින්ගෙන් සහ වංචාකාරීන්ගෙන් තොර නව සන්ධානයක් බිහි කරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන අර්ජුන රණතුංග පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, අස්ගිරි...

රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්

ලබන වසර සඳහා රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ඒ අනුව රුපියල් 4,000ක...