25 C
Colombo
Saturday, January 18, 2025

වියලි කලාපයම හඬවමින් ‘ආශාවරී’ හැක් කරලා

- Advertisement -

මැදිරිගිරිය ‘ආශාවරී’ සංගීත කණ්ඩායමේ නිල ෆේස්බුක් පිටුවට මේ වන විට හැකර් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

ඒ අනුව මේ වන විට එම ෆේස්බුක් පිටුවේ පාලනය එම සංගීත කණ්ඩායමට නොමැති අතර එය තම ග්‍රහණයට ගත් පුද්ගලයා විවිධ දෑ එම පිටුවේ පලකරමින් සිටිනවා.

ඒ අනුව ආශාවරී සංගීත කණ්ඩායමේ කළමනාකරුවන නාලක ජයලත් මහතා විසින් සදුන් නම් කිසියම් පුද්ගලයෙකු හට පරුෂ වචනයෙන් බැණවැදුණු අයුරු දැක්වෙන ෆේස්බුක් මැසෙන්ජර් පණිවුඩ කිහිපයක්ද එහි පලකර තිබෙනවා.

ආශාවරී සංගීත කණ්ඩායම පසුගිය කාලය පුරා දැඩි විවේචනයට ලක්වූවා.

ඒ දක්ෂ දරුවන් පිරිසක් වැරදි පුහුණුවීම් නිසා ගීත විකෘති කරමින් ගායනා කිරීම හා වාදනය කිරීම හේතුවෙන්.

මීට දින කිහිපයකට පෙර රවී රොයිස්ටර්ද ෆේස්බුක් වීඩියෝවක් පලකරමින් තමන්ගේ ‘හමාර බණවර’ ගීතය ආශාවරී කණ්ඩායම විකෘති කර ගායනා කිරීම පිළිබදව දැඩිව විවේචනය කර සිටියා.


RECENT ARTICLES - SINHALA

ඉරිදා සිට ඇමෙරිකාවේ TikTok තහනම්

TikTok යෙදුම භාවිතා කිරීම සඳහා වූ තහනම එළඹෙන ඉරිදා සිට අමෙරිකාවේ ක්‍රියාත්මක වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ඒ TikTok සමාජ මාධ්‍ය යෙදවුම...

ජනපති යළි දිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ සිදු කළ සිව් දින රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා. චීන රාජ්‍ය සංචාරයේ...

දුම්රිය ආසන වෙන් කිරීම ගැන දැනුම් දීමක්

දුම්රිය ආසන වෙන් කිරීමේ දී මඟියාගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදෙස් ගමන් බලපත්‍ර අංකය ඇතුළත් කිරීම අනිවාර්ය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා...

POPULAR ARTICLES

ඉරිදා සිට ඇමෙරිකාවේ TikTok තහනම්

TikTok යෙදුම භාවිතා කිරීම සඳහා වූ තහනම එළඹෙන ඉරිදා සිට අමෙරිකාවේ ක්‍රියාත්මක වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ඒ TikTok සමාජ මාධ්‍ය යෙදවුම...

සටන් විරාමයට ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩල අනුමැතිය

ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය,  ගාසා තීරයේ සටන් විරාමය සහ ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුම අනුමත කර තිබෙනවා. සටන් විරාම ගිවිසුම සම්බන්ධයෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඊශ්‍රායල...

ජනපති යළි දිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ සිදු කළ සිව් දින රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා. චීන රාජ්‍ය සංචාරයේ...