24 C
Colombo
Thursday, January 23, 2025

ආශු 225 දෙනාගේම අධ්‍යාපන සුදුසුකම් ඉල්ලයි

- Advertisement -

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් 225 දෙනාගේම අධ්‍යාපන සුදුසුකම් මෙන්ම රැකියාව සහ වත්කම් බැරකම් ප්‍රකාශ ඉල්ලමින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ අයැදුම්පත්  තුනක් ඉදිරිපත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම්,අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපති සහ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති වෙතිනුයි ආශු මාරසිංහ මහතා අදාල තොරතුරු ඉල්ලා ඇත්තේ.

2024 මහ මැතිවරණය මත තේරී පත්වූ මන්ත්‍රීවරු 225 දෙනා ලබා දී ඇති අධ්‍යාපන සුදුසුකම් රැකියාව හා වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදෙන ලෙස ආශු මාරසිංහ මහතා තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉදිරිපත් කරන ලද අයැදුම් පත්‍රයේ සඳහන් වනවා.

මේ අතර, අල්ලස, දූෂණයට හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය ද අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ 2010 වර්ෂයේදී නීති උපාධිය ලබා ගැනීම සඳහා වංචනිකව විභාග සඳහා පෙනී සිට ඇති බවත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලමින්.

එමෙන්ම කිසිදු අයුරකින් ආචාර්ය පදවියක් තම නම ඉදිරියෙන් භාවිත නොකළ බවත් එය කිසියම් පිරිසක් විසින් සැලසුම් සහගතව තමන් මෙන්ම සිය දේශපාලන ව්‍යාපාරය අපහසුතාවයට පත් කිරීම සඳහා සිදුකළ අසාර්ථක උත්සහයක් බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

RECENT ARTICLES - SINHALA

Breaking: අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා. මීට අමතරව...

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම...

ජනපති හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන් අතර හමුවක්

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව,  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළා. ඒ 2025 අයවැය...

POPULAR ARTICLES