28.4 C
Colombo
Wednesday, July 9, 2025

ආසියානු නැගී එන T20 කිරුළ ඇෆ්ගනිස්ථානයට

- Advertisement -

ආසියානු නැගීඑන කණ්ඩායම් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඇෆ්ගනිස්තාන ‘A’කණ්ඩායම සමත් වුණා.

ඒ, ශ්‍රී ලංකා ‘A’කණ්ඩායම කඩුලු 7කින් පරාජය කරමින්.

ඕමානයේ අල් ඇමරට් ක්‍රීඩාංගණයේදී පැවැත් වූ මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූ ලකුණු 134ක ඉලක්කය කඩුලු 3ක් පමණක් දැවී තිබියදී තරගයේ 19(18.1) වැනි පන්දුවාරයේදී  පහසුවෙන් පසුකර යාමට ඇෆ්ගනිස්තාන පිතිකරුවන් සමත් වුණා.

ආසියානු අවුරුදු 23න් පහළ තරගාවලියක් ලෙසින් 2013 වසරේදී ආරම්භ වී පසුව ආසියානු නැගීඑන කණ්ඩායම් තරගාවලිය ලෙසින් සංශෝධනය වූ මෙම තරගාවලි ඉතිහාසයේ, ඇෆ්ගනිස්තානය ශූරතාව දිනාගත් පළමු අවස්ථාව මෙයයි.

එමෙන්ම ඔවුන් අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ එකම අවස්ථාව ද මෙයයි.

කෙසේවෙතත්, තරගාවලි ඉතිහාසයේ දෙවරක් (2017, 2018) ශූරයන් වී සිටි ශ්‍රී ලංකාව මෙවර පළමුවරට අවසන් මහා තරගය පරාජය වීමට සිදුවුණා.

RECENT ARTICLES - SINHALA

ටෙක්සාස් ගංවතුරෙන් පුද්ගලයින් 161දෙනෙකු අතුරුදන්

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ ගංවතුර තත්ත්වයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 109ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ තවත් පුද්ගලයින් 161 දෙනෙකු අතුරුදන් වී ඇති බවයි. මියගිය...

2030 දී ඩිජිටල් ආර්ථිකයක්

වසර 2030දී ඩිජිටල් ආර්ථික ඉලක්ක සපුරා ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබා දී තිබෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ඩිජිටල්...

වාහන මිල ඉහළ යනු ඇතැයි අනතුරු ඇඟවීමක්

වාහන ආනයනය කිරීම සඳහා මෙම වසර සඳහා වෙන් කළ මුදලින් ඉතිරි වී ඇත්තේ ඩොලර් මිලියන දෙසීයක් පමණක් බවත් ඒ හේතුවෙන් ඉදිරියේදී වාහන මිල යළි...

POPULAR ARTICLES