28.9 C
Colombo
Thursday, July 10, 2025

ආසියානු දැල් පන්දු අනුශූරතාවය ශ්‍රී ලංකාවට

- Advertisement -

තියුණු සටනකින් පසු සිංගප්පූරුව හමුවේ ලකුණු 67 – 64ක් ලෙසින් පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායමට ආසියානු දැල්පන්දු ශූරතාවලියේ අනුශූරතාවය දිනා ගැනීමට අද (27) සමත් වුණා.

මෙවර ආසියානු දැල්පන්දු ශූරතාවලිය ඉන්දියාවේ සත්කාරකත්වය යටතේ බැංලෝර්හිදී පැවති අතර, එහිදී අවසන් මහා තරගය දක්වා අපරාජිතව පැමිණි ශ්‍රී ලංකාවට අවාසනාවන්ත ලෙසින් කිරුළ අහිමි වුණා.

ඒ අනුව, ශ්‍රී ලංකාවට අද අහිමිව ගියේ 7වැනි වරටත් ආසියානු ශූරියන් ලෙසින් කිරුළ පැළදීමට තිබූ අවස්ථාවයි.

අවසන්වරට පැවැත් වූ තරගාවලි දෙකේහිදිම (2018, 2022) ශූරියන් වන ශ්‍රී ලංකාව, 1989, 1997, 2001 හා 2009 වර්ෂයන්හිද ආසියානු ශූරතාව ජයග්‍රහණය කර තිබුණා.

ආසියානු දැල්පන්දු ශූරතාවලි 11කදීම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ඇති ශ්‍රී ලංකාව, අද ලැබූ පරාජයත් සමග ඔවුන් පස් වතාවකදී අවසන් මහා තරගයේදී පරාජය වී තිබෙනවා.

ශ්‍රී ලංකාව මීට පෙර 1985, 2012, 2014 හා 2016 වර්ෂයන්දීද අනුශූරියෝ බවට පත් වෙන්නට සමත් වුණා.

මේ අතර, අද ලැබූ ජයත් සමග වසර 10කට පසු ආසියානු දැල්පන්දු ශූරතාවක් ජයග්‍රහණය කිරීමට සිංග්පූරුවට අවස්ථාව උදාවුණා.

මෙය ඔවුන් ජයග්‍රහණය කළ 4වැනි ආසියානු දැල්පන්දු ශූරතාවය වනවා.

RECENT ARTICLES - SINHALA

ඔටිසම් සහ ස්නායු ගැටලුවලින් පෙළෙන ළමුන් සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන

ඔටිසම් තත්ත්වය සහ ස්නායු සංවර්ධනය පිළිබඳ ගැටලුවලින් පෙළෙන ළමුන් වෙනුවෙන් ප්‍රතිකාර හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා ජාතික මට්ටමේ යාන්ත්‍රණයක් සකස් කිරීමේ යෝජනාවක් සති...

අල්ලස් ඉල්ලු පොලිස් නිලධාරියා රිමාන්ඩ්

රාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ පහක අල්ලසක් ඉල්ලා රුපියල් 180000ක මුදලක් ලබා ගත්තේ යැයි කියන බස්නාහිර පළාත් උතුරු දිසාව අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරියෙකු...

බදු තවත් අඩු කරගන්න බලනවා – හර්ෂණ

ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 30%ක තීරුබදු ප්‍රමාණය ශ්‍රී ලංකාව ලැබූ සාර්ථකත්වයක් බවත්, නමුත්  තවත් අඩු කරවාගැනීම සඳහා සාකච්ඡා පවත්වන බවත් මුදල්...

POPULAR ARTICLES

ඔටිසම් සහ ස්නායු ගැටලුවලින් පෙළෙන ළමුන් සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන

ඔටිසම් තත්ත්වය සහ ස්නායු සංවර්ධනය පිළිබඳ ගැටලුවලින් පෙළෙන ළමුන් වෙනුවෙන් ප්‍රතිකාර හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා ජාතික මට්ටමේ යාන්ත්‍රණයක් සකස් කිරීමේ යෝජනාවක් සති...

පරාජයේ වාර්තාව ඉන්දියාවට

එංගලන්තයට එරෙහිව ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ අද (10) ආරම්භ වූ තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ද කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට ඉන්දියාවට නොහැකි වුයේ නැහැ. ඒ අනුව ඔවුන් ජාත්‍යන්තර...

සුදුවෙන ක්‍රීම් නිසා මහියංගනේ පවුල් ප්‍රශ්න

පවුල් ආරවුල් සම්බන්ධයෙන් මහියංගණයට ලැබෙන පැමිණිලි අතරින් බොහොමයක්ම සැමියා උපයන මුදල් බිරිඳ විසින් අසීමිත ලෙස රූපලාවණ්‍ය කටයුතු සඳහා වැයකිරීම මත ඇතිවූ ආරවුල් බවට...