30 C
Colombo
Tuesday, April 29, 2025

ආසියානු කොටස් වෙළෙඳපොළේ කඩා වැටිමක්

- Advertisement -

අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් පරිපාලනය හඳුන්වාදුන් තීරුබදු වල අහිතකර බලපෑම් හේතුවෙන් ආසියානු කලාපයේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළ රැසක් අද(07), තෙවැනි දිනටත් කැපී පෙනෙන ලෙස කඩා වැටි තිබෙනවා.

ජපානයේ නිකේ කොටස් වෙළෙඳපොළ සියයට 6.3ක කඩා වැටීමකට ලක්ව තිබූ අතර හොංකොං කොටස් වෙළෙඳපොළ ආරම්භයේදී සියයට 9.8ක කඩා වැටීමකට ලක්ව තිබුණා.

තායිවාන කොටස් වෙළෙඳපොළ ද සියයට 9.8ක කඩා වැටීමක් පෙන්නුම් කළේ, සිංගප්පූරු කොටස් වෙළෙඳපොළ සියයට 7කට වැඩි පසුබෑමකට ලක්ව තිබියදීයි.

ලොවපුරා තවත් වෙළෙඳපොළ සියල්ලම පාහේ අද දිනයේ දැක්වුණේ සැලකිය යුතු පසුබෑමකයි.

මේ අතර ට්‍රම්ප්ගේ තීරුබදු සම්බන්ධ සාකච්ඡා කිරීමට රටවල් 50ක් පමණ මේ වනවිට සිය කැමැත්ත පළකර තිබෙන බවට වාර්තා වනවා.

එමෙන්ම ඉන්දීය රජය නිවේදනය කර ඇත්තේ අමෙරිකානු බදුවලට ප්‍රතිචාර ලෙස බදු ඉහළ නොදමන බවයි.

අමෙරිකානු ආනයන තවත් පුළුල් කිරීමටත් ඒවා මත පනවා ඇති බදු බිංදුව දක්වා පහත හෙලීමටත් තායිවාන ජනාධිපති විලියම් ලායි ගේ සූදානමින් සිටින බවයි වාර්තා වන්නේ.

එමෙන්ම තම රටට පනවා ඇති සියයට 46ක බදු පහත හෙලන ලෙස ඉල්ලා ට්‍රම්ප් සමඟ දැනටමත් සාකච්ඡා ඇරඹීමට වියට්නාම කමියුනිස්ට් පාලනය පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම තීරුබදු පිළිබඳ සාකච්ඡා සඳහා ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු අමෙරිකාව බලා ගමන් කිරීමට නියමිතයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හඳුන්වාදුන් තීරුබදු ප්‍රතිපත්තිය ලබන බදාදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව පවතිනවා.

එය නිවේදනය කෙරුණු පසුගිය අප්‍රේල් දෙවැනිදා සිට ගෝලීය කොටස් වෙළෙඳපොළවලට ඉන් එල්ල වෙමින් පවතින්නේ සුළුපටු බලපෑමක් නොවේ.

RECENT ARTICLES - SINHALA

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදය යථා තත්ත්වයට

මුහුදුබඩ මාර්ගයේ පැවති දුම්රිය ප්‍රමාදය මේ වනවිට යථාතත්වයට පත්ව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, ඉඳුරුව ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ පාලමක ඇතිවූ ගැටලුවක් හේතුවෙන් අද (29)...

30ක් රෝහලට යැවු බස් අනතුරක්

බෙලිඅත්ත, පොලිස් වසමේ හෙට්ටිආරච්චි වංගුව අසන්නයේදී පුද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 30 දෙනෙකු පමණ තුවාල ලබා...

මාස 8කට පෙර මිය ගිය සැක සිරුරක්

කැස්බෑවේ ප්‍රදේශයේ නිවසක් තුළ මාස 8ට පමණ පෙර මිය බවට සැක කෙරෙන පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. ඊයේ (28) රාත්‍රීයේ එම සිරුර සොයාගෙන තිබුණේ කැස්බෑව,...

POPULAR ARTICLES