24 C
Colombo
Thursday, February 20, 2025

පොහොට්ටුවේ සහය ගන්න තව එක පාරක් අහල බලන්න

- Advertisement -

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහය ලබා ගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ තවත් එක්වරක් සාකච්ඡා කරන ලෙස නියෝජ්‍ය කාතානයක අජිත් රාජපක්ෂ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබෙනවා.

ජනාධිපති තුමාගේ ප්‍රදානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (30) පැවති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට එක්වෙමින් නියෝජ්‍ය කතානායකවරයා මෙම ඉල්ලීම සිදු කළේ.

මෙම ඉල්ලීම තමාගේ පෞද්ගලික ඉල්ලීමක් බවත් ජනාධිපති තුමා සහ අගමැති තුමා එක්ව හෝ නැත්නම් විශේෂ කමිටුවක් මගින් හෝ අවසන් වරට තවත් එක්වතාවක් මහින්ද රාජපක්ෂ මහතා හමුවී මේ  පිළිබද සාකච්ඡා කරන ලෙසද නියෝජ්‍ය කතානායකවරයා මෙම හමුවේදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

“මේක ඉතාම සංවේදී අවස්ථාවක්. හදවතට දැනෙන් ප්‍රශ්නයක්. නමුත් අපි හොද බුද්ධියකින් මේ අවස්ථාවේ දී කටයුතු කළ යුතුයි. අපි අවුරුදු ගණනාවක් වැඩකළේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ. එතුමාගේ උපදෙස් වලට අනුව. ඒක හින්දා තවත් වතාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් හැකි නම් සාකච්ඡා කරන්න. කොහොම වුණත් ඉදිරි ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ජයග්‍රහණය කරනවා. ඒක අතිවිශිෂ්ට ජයග්‍රහණයක් කරගන්න අපි කටයුතු කරමු.”

මෙම යෝජනාව නිවැරදි බවත් ඒ අනුව තවත් අවස්ථාවක් මහින්ද රාජපක්ෂ මහතා සමග මේ ගැන සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදි පවසා ඇති බවද  වාර්තා වෙනවා.

RECENT ARTICLES - SINHALA

ගණේමුල්ල සංජීවට නඩු 22ක්

අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී අද(19) වෙඩි තැබිමකින් ජීවිතක්ෂයට පත්වූ විශේෂ ගණයේ සැකකරුවකු වු ගණේමුල්ල සංජීවට අධිකරණයේ විසඳීමට නඩු 22ක් තිබූ බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී...

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

POPULAR ARTICLES