මාදිවෙල මන්ත්‍රී නිල නිවසකට වර්තමානයේ දී මසකට අයකරනු ලබන්නේ රුපියල් දෙදහසක මුදලක් පමණක් වන බැවින් එම නිවාස නිසි තක්සේරුවකට ලක් කොට වර්තමානයට ගැලපෙන මුදලක් අය කරන්නැයි පොදු ජන අයිතීන් සුරැකීමේ වෘත්තීය එකමුතුවේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් නීතිඥ රවීන්ද්‍ර ජයසිංහ මහතා පවසනවා.
ඔහු පවසන්නේ, මහජන නියෝජිතයන්ගේ නිල නිවාස පිළිබඳව මහා කතිකාවතක් සමාජයේ මතුවී තිබෙන බවත් පාර්ලිමේන්තුවට යාබදව මාදිවෙල මන්ත්‍රී නිල නිවාස 113ක් පවතින බවයි.
මාදිවෙල නිවාස සංකීර්ණයේ මේ වන විට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 85කට වඩා සිටින බවයි ඔහු පවසන්නේ.
රුපියල් දෙදහසක කුලිය ගැන තක්සේරු දෙපාර්තමේන්තුවෙන් තක්සේරුවක් කොට වර්තමානයට ගැලපෙන පරිදි එම මන්ත්‍රී නිවාසවල වටිනාකම තක්සේරු කර එහි වටිනාකම අයකරන ලෙස ඉල්ලා සිටින බවත් නීතිඥ රවීන්ද්‍ර ජයසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියා.