33 C
Colombo
Friday, April 19, 2024

කොවිඩ් උපදේශන කමිටුවලින් මේ වන විට විශේෂඥ වෛද්‍යවරුන් හතර දෙනෙක් ඉල්ලා අස්වෙලා

- Advertisement -

මේ වන විට අවස්ථා කිහිපයකදී කොවිඩ් වසංගත තත්ත්වය සම්බන්ධයෙන් පිහිටවූ තාක්ෂණික හා උපදේශක කමිටුවලින් විශේෂඥ වෛද්‍යවරුන් සිව් දෙනෙකු ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ අනුව මහාචාර්ය නීලිකා මලවිගේ, මහාචාර්ය ඒ. පත්මේශ්වරන්, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, විශේෂඥ වෛද්‍ය අසෝක ගුණරත්න යන ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් විවිධ හේතු මත එම කමිටුවලින් ඉල්ලා අස්වී තිබීම විශේෂත්වයක්.

පසුගිය ජූනි මාසයේදී උතුරු කොළඹ වෛද්‍ය පීඨයට අනුයුක්ත ප්‍රජා වෛද්‍ය විශේෂඥ මහාචාර්ය ඒ.පත්මේෂ්වරන් මහතා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එන්නත් පිළිබඳ විශේෂඥ උපදෙස් කමිටුවෙන් ඉල්ලා අස්වුණා.

එමෙන්ම එම මාසයේදීම මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියද එම කමිටුවෙන් ඉල්ලා අස්වීමට කටයුතු කළා.

මේ අතර ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා කොවිඩ් රෝග මර්දනය පිළිබඳ සායනික කමිටුවේ සාමාජිකත්වයෙන් පසුගියදා ඉල්ලා අස්වුණා.

එමෙන්ම විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතාද ඊයේ (07) දිනයේ එම කමිටුවෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

සිය ඉල්ලා අස්වීමේ ලිපිය විද්යුත් තැපෑලෙන් යොමුකරමින් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සදහන් කර තිබුණේ වෛද්‍ය විශේෂඥයින්ගේ නිර්දේශ නොතකා ඇතැම් පාර්ශව එන්නත්කරණ ක්‍රියාවලිය පවත්වාගෙන යන බවයි.

මහනුවරට ස්පුට්නික්-වී එන්නතේ එක් මාත්‍රාවක් පමණක් ලබා දීම සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 20 සිට 29 දක්වා වයස් කාණ්ඩ වල පුද්ගලයින්ට ෆයිසර් එන්නත් ලබා දීම වැනි තීරණ වෛද්‍ය විශේෂඥයින්ගේ නිර්දේශයන්ට පිටින් සහ කමිටුවේ අනුදැනුමකින් තොරව සිදුකරන ලද ඒවා බව අදාළ ලිපියෙන් ආනන්ද විජේවික්‍රම මහතා පෙන්වාදී තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

රැග් එක නවත්තන්න ‘මෛත්‍රී’ මාසයක්

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කීරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. උසස්...

කන්ටේනර් අනතුරෙන් හතරක් රෝහලට

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද (19) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලවෙල හන්දිය...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පත්කරලා තියෙන්නේ නිදිකුම්බා නායකයෙක්-දයාසිරි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීමට කුමන්ත්‍රණකාරින් කටයුතු...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...