29 C
Colombo
Saturday, January 18, 2025

නව වසර උදාවෙද්දි ලෝක ජනගහනය බිලියන 8ක්

- Advertisement -

නව වසර උදාවන හෙට (01) දිනයේ ලෝක ජනගහනය බිලියන 8.09ක් වනු ඇතැයි ඇමෙරිකානු ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පුරෝකථනය කර තිබෙනවා.

ඒ අනුව 2024 වසරේදී ලෝක ජනගහනය මිලියන 71 කින් වැඩිවී ඇතැයි ඇමෙරිකානු ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නා.

ඇමෙරිකානු ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ හෙට දිනයේ ප්‍රක්ෂේපිත ලෝක ජනගහනය 8,092,034,511 ක් වනු ඇති බවත් ලෝක ජනගහනය 2024 වසරේ ජනවාරි පළමු වැනිදාට සාපේක්ෂව 71,178,087 (සියයට 0.89) කින් වැඩි වී ඇති බවයි.

එළැඹෙන ජනවාරි මාසයේ ගතවන සෑම තත්පරයකටම උපත් 4.2 ක් සහ මරණ 2 ක් ලෝකයේ වාර්තා වනු ඇතැයි අපේක්ෂා කරන බව ඇමෙරිකානු ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

නමුත් 2023 වසරේදී ලෝක ජනගහනය මිලියන 75 කින් වැඩිවී ඇති බවත් එයට සාපේක්ෂව 2024 වසරේ ලෝක ජනගහනය ඉහළ යාමේ ප්‍රතිශතය පහළ යෑමක් පෙන්නුම් කරන බවත් එම දෙපාර්තමේන්තුව පවසනවා.

RECENT ARTICLES - SINHALA

දේශපාලන සිරකරුවන් දැන්වත් නිදහස් කළ යුතුයි

පැරැණි ප්‍රශස්ති පසෙක තබා දෙමළ දේශපාලන සිරකරුවන්ව වත්මන් ආණ්ඩුව නිදහස් කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා පවසනවා. දේශපාලන සිරකරුවන් යැයි...

ජාතික ලැයිස්තු අපේක්ෂකයින් 74කට නඩු

පසුගිය මහ මැතිවරණයේ වියදම් වාර්තා ලබා නොදුන් දේශපාලන පක්ෂවල ජාතික ලැයිස්තුවල සිටි අපේක්ෂකයින් 74කට නඩු පැවරීමකට තීරණය කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි...

කොළඹ දේපළ ව්‍යාපාරයක ඉන්දීය කළු සල්ලි; ඉන්දියාවෙන් විමර්ශනයක්

කොළඹ කොටුවේ ක්‍රිෂ් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අයථා ලෙස උපයාගත් මුදල් ජාවාරමක් සමග සෘජුව සම්බන්ධ බවට ඉන්දීය මූල්‍ය විමර්ශන අංශ අනාවරණය කරගෙන තිබෙන බවට...

POPULAR ARTICLES

දේශපාලන සිරකරුවන් දැන්වත් නිදහස් කළ යුතුයි

පැරැණි ප්‍රශස්ති පසෙක තබා දෙමළ දේශපාලන සිරකරුවන්ව වත්මන් ආණ්ඩුව නිදහස් කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා පවසනවා. දේශපාලන සිරකරුවන් යැයි...

ජාතික ලැයිස්තු අපේක්ෂකයින් 74කට නඩු

පසුගිය මහ මැතිවරණයේ වියදම් වාර්තා ලබා නොදුන් දේශපාලන පක්ෂවල ජාතික ලැයිස්තුවල සිටි අපේක්ෂකයින් 74කට නඩු පැවරීමකට තීරණය කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි...

දකුණු කොරියාවේ දැවැන්ත විරෝධතා

දෝෂාභියෝගයකින් බලයෙන් පහ කෙරුණු දකුණු කොරියානු ජනපති යුන් සුක් යෝල්ගේ පාර්ශ්වකරුවන් දහස් ගණනක් සෝල් අගනුවර විරෝධතාවක නිරතව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එරට...