29 C
Colombo
Wednesday, July 17, 2024

සැරයන්ට පොල්ලකින් පහරදුන් පිය පුතු යුවලක් අත්අඩංගුවට

- Advertisement -

පුද්ගලයෙකු  අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් සැරයන් වරයෙකුට පොල්ලකින් පහර දුන් බව කියන කාන්තාවක් සහ එකම පවුලේ තාත්තා සහ පුතා අත්අඩංගුවට ගත් බව පොල්පිතිගම පොලිසිය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 35 , 62 සහ 44 වයස්වල පසුවන වඳුරැස්ස පොල්පිටිගම ප්‍රදේශයේ පදිංචිකරුවන්  පිරිසක්.

පොල්පිතිගම කළුගල්ල ප්‍රදේශයේ ප්‍රදේශයේ ඉඩමක ගෝඩා අලෙවි කරන බවට ලද තොරතුරට අනුව පොලිස් නිලධාරීන් අදාළ පුද්ගලයා අල්ලා ගැනීමට ගොස් තිබුණා.

පොලීසිය සඳහන් කළේ එම ස්ථානයට ගිය අවස්ථාවේදී එහි සිටි සැකකරුවකු දිවයාමට උත්සාහ කර ඇති බවයි.

එමෙන්ම අදාළ ඉඩම පරීක්ෂා කිරීමේදී ගංජා පැළ වගාකර ඇති බව අනාවරණය වූ බව පොලීසිය පවසනවා.

පොලීසිය තවදුරටත් සඳහන් කළේ ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී කාන්තාවන් හතර දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු ඊට විරෝධය පළ කරමින් කලාකාරී ලෙස හැසිරුණු බවයි.

RECENT ARTICLES - SINHALA

සිරකරුවන්ගේ ඡන්ද අයිතිය ගැන පෙත්සමක්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිරකරුවන්ට ඉදිරි ජනාධිපතිවරණ සහ මහමැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය කරන පහසුකම් සලසා දීමට අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කරන ලෙස මැතිවරණ කොමිසම...

පාස්පෝට් ගන්න ඉන්න අයට දැනුම්දීමක්

ගුවන් ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ගේ පහසුව සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ගුවන් ගමන් බලපත්‍ර අයදුම් කිරීම සඳහා...

ප්‍රතික්‍රීයක හිඟයෙන් වෛද්‍ය පරීක්ෂණ රැසක් නැවතිලා

වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් ප්‍රතික්‍රීයක සහ අවශ්‍ය රසායන ද්‍රව්‍ය ලබා නොදීම හේතුවෙන් රෝගීන්ට අත්‍යවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ රැසක් දීර්ඝ කාලීනව නවතා දමා ඇති බව සෞඛ්‍ය...

POPULAR ARTICLES

මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නෙවෙයි – සනත් නිශාන්තගේ බිරිඳ(වීඩියෝ)

රටේ තිබු යුද්ධය නැති කළ නායකයා මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නොවන බව සනත් නිශාන්ත මහතාගේ බිරිඳ චමරි ප්‍රියංකා මහත්මිය පවසනවා. ඇය මේබව කියා සිටියේ...

සඳුදා යළිත් පාසැල් වැසෙන ලකුණු

සති දෙකක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අරඹන බව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා. ඒ අනුව, ඔවුන් සඳහන් කළේ ලබන සඳුදා (22)...

සෞන්දර්ය විෂයයන් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

සෞන්දර්ය විෂයයන් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව සෞන්දර්ය විෂයයන් සාමාන්‍ය අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය අංගයක් බවයි. කණිෂ්ඨ, ද්විතීයික අධ්‍යාපනයේ...