27 C
Colombo
Wednesday, April 17, 2024

යූරියාවත් ගෙන්වන්න..! – ඇමති SM ඉල්ලයි

- Advertisement -

ශ්‍රී ලංකාවට අවශ්‍ය පොහොර ප්‍රමාණය මෙරටදීම ප්‍රමාණවත් පරිදි නිෂ්පාදනය සිදු කරන තෙක්, අවම වශයෙන් යූරියා පොහොර හෝ ආනයනය කළයුතු බව ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා.

ඒ, ඊයේ (11) දින පාර්ලිමේන්තුව අමතමින්.

අද දින අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර අද පෙරවරුවේ විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්වෙන අතර එහිදී යූරියා ආනයනය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීමටද බලාපොරොත්තු වන බවයි ඉඩම් ඇමතිවරයා පවසන්නේ.

වගාවට අවශ්‍ය නයිට්‍රජන් අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා යූරියා වගාවට යෙදීම අනිවාර්ය වී ඇති බවත් ඒ අනුව අවම වශයෙන් 2022 වසරේදී යූරියා පොහොර අවශ්‍යතාවයන් 50% ක් වත් ආනයන කිරීමට අවසර ලබාදීම යෝග්‍ය බව ඇමතිවරයා සඳහන් කරනවා.

ඉන්පසු 2023 වසරේදී එම ප්‍රමාණය 25% ක් දක්වා අවම කර ක්‍රමානුකූලව 2025 වසර වනවිට යූරියා ආනයන සම්පූර්ණයෙන් අත්හිටුවීමට හැකියාව තිබෙන බවද ඔහු සඳහන් කරනවා. ඒ වනවිට රටතුළ පොහොර නිෂ්පාදනය කිරීමට හැකිවන බැවින් ඉන්පසු යූරියා ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි

RECENT ARTICLES - SINHALA

අධ්‍යාපන ඇමති සුසිල් චිකාගෝ ගිහින්

ඇමරිකාවේ සංචාරයක නිරත අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා චිකාගෝහි පිහිටි ඉලිනොයිස් සරසවියේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ එහිදී එම සරසවියේ සෞඛ්‍ය සහ...

කොත්තු රොටියට රු 1900ක් ඉල්ලූ කෑම කඩේ මුදලාලි අත්අඩංගුවට

කොළඹ Street Food අලෙවි සැලකදී රුපියල් 1,900කට කොත්තු රොටියක් අලෙවි කිරීම සහ එය ප්‍රතික්ෂේප කිරීමේදී විදේශිකයෙකුට අඩත්තේට්ටම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙක් පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආහාර...

සර්වෝදය නිර්මාතෘ ඒ.ටී. ආරියරත්න අභාවප්‍රාප්ත වෙයි

සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ, ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතා අද (16) පස්වරුවේ කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබෙනවා මියයන විට ඒ මහතා 92 වැනි වියේ පසුවුණා. 1931...

POPULAR ARTICLES

‘ඔකපතන’ විදුහලට වැඩ වරදියි

අවුරුදු ගීතයක් විකෘති කර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් මත...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

ප්‍රතිප්‍රහාර එපා, ඉරානය යළිත් අනතුරු අඟවයි

මැද පෙරදිග යුද ගැටුම් තවදුරටත් තීව්‍ර කරමින් ඉරානය විසින් ඊයේ (13) රාත්‍රියේදී ඊශ්‍රායලය වෙත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර තිබුණා. මේ අතර මෙම...