ඇෆ්ගනිස්තානය තුළ ආයෝජන සිදුකිරීම සම්බන්ධයෙන් චීනය දෙගිඩියාවකට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මීට හේතුවී ඇත්තේ පසුගිය සතියේ කුන්දුස් හි දී ෂියා මුස්ලිම් දේවස්ථානයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය, චීනයේ ෂින්ජියෑන්ග් ප්‍රාන්තය කේන්ද්‍ර කරගෙන වෙසෙන උයිගුර් සම්භවයක් සහිත බෝම්බකරුවකු විසින් සිදුකර ඇති බව අනාවරණය වීමයි.
මේ හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ ආයෝජන සිදුකිරීම පිළිබද චීනයේ ඉහළ පෙළේ ආරක්ෂක බලධාරීන් විසින් දීර්ඝව විමසා බලමින් සිටින බව විදෙස් වාර්තාවල දැක්වේ.
උයිගුර් සම්භවයක් සහිත පුද්ගලයන්ට ඇෆ්ගනිස්තානය තුළ පවතින ඉස්ලාම් සංවිධාන සමග එක්ව කටයුතු කිරීමට ඉඩ නොදෙන බවට තලේබාන් සංවිධානය චීනයට පොරොන්දුවක් ද ලබාදී තිබේ.
එහෙත් එම පොරොන්දුව නිසි ආකාරයෙන් ඉටුකිරිමට තලේබාන් සංවිධානය අපොහොසත් වී ඇති බැවින් චීනය ඒ සම්බන්ධයෙන් කණස්සල්ලට පත්ව ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.