මහනුවර ගෝඨාගෝගමටත් ප්‍රහාරයක් (වීඩියෝ)

ගෝඨාභය රාජපක්ෂට විරෝධය පා මහනුවර නගරයේ ක්‍රියාත්මක වූ ගෝඨාගෝ ගමටත් මේ වන විට ප්‍රහාරයක් එල්ලවෙමින් පවතිනවා. ප්‍රහාරයෙන් එම ස්ථානයේ ඇති අට්ටාල කඩා විනාශ කර ඇති අතර කූඩාරම්වලටද පුද්ගලයින් පහරදී කඩාදමන ආකාරය දක්නට ලැබෙනවා. මේ වන විට කොළඹ ගාලු මුවදොර පිහිටි ගෝඨාගෝගමට මහින්ද රාජපක්ෂගේ පාක්ෂිකයන් පහරදී සම්පූර්ණයෙන්ම ගිනිබත් කර තිබෙනවා.