27.5 C
Colombo
Wednesday, October 4, 2023

සෞදි තෙල් පර්යන්ත 2කට හූතී කැරළිකරුවන්ගේ ප්‍රහාර

- Advertisement -

යේමනයේ හූතී කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ ජෙඩා සහ රියාද්හි තෙල් පර්යන්ත 2කට රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

සෞදියේ ඉන්ධන පිරිපහදුවලට මෙන්ම සෞදි අරාබියේ රියාද් අගනුවර පිහිටි වැදගත් ස්ථාන ඉලක්ක කර ගනිමින් ද ප්‍රහාරය එල්ල වූ බවයි හූතී මාධ්‍ය ප්‍රකාශක සරියා පවසන්නේ.

හූතීන් යනු ෂීආවරුන්ගේ දර්ශනය හා සැලසුම් පැතිරවීම උදෙසා යෙමන් රාජ්‍යයට එරෙහිව සන්නද්ධ කැරැල්ලක් ඇරඹූ පිරිසකි.

2004 වසරේ සැප්තැම්බර් මස යේමන් රාජ්‍යයේ නිල හමුදාව විසින් එම ව්‍යාපාරයේ නිර්මාතෘ හා අධ්‍යාත්මික නායක “හුසෙයින් බද්රුද්දීන් අල් හූතී” ඝාතනය කරනු ලැබීය. වර්තමානයේදී ඔහුගේ බාල සොයුරු “අබ්දුල් මාලික් අල්හූති”ගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වන මෙම සංවිධානය 2014 – 2015 ගෙන ගිය කැරැල්ලේ ප්‍රතිපලයක් වශයෙන් යෙමන් රාජ්‍යය බලය බිඳ වැටුණි. ඉන්පසු යේමන් අග නුවර සන්ආ ඇතුළු ප්‍රධාන නගර ඔවුන්ගේ පාලනයට නතුවිය.

“අන්සාරුල්ලාහ්” නැතහොත් “අෂ්ෂබාබුල් මුමින්” යන නමින්ද මෙම සංවිධානය හඳුන්වනු ලබයි. යෙමනයේ බලය නතු කරගෙන සිටින මොවුන් අසල්වැසි රටවල් වන සෞදි අරාබියාව, කටාර්, බහරේන්, එක්සත් එමිර් රාජ්‍යය වැනි රාජ්‍යයන්හි අභ්‍යයන්තර ආරක්ෂාවට හා ස්වෙයිරි භාවයට බලවත් තර්ජනයක් වී ඇත. ඔවුන්ට ඉරාන් රාජ්‍යය හරහා අවි ආයුධ හා යුද පුහුණු නොමදව ලැබෙන බවටද චෝදනා එල්ලවෙමින් පවතියි.

RECENT ARTICLES - SINHALA

Breaking: සියලු කාර්යාල දුම්රිය අවලංගුයි

දුම්රිය සේවක වර්ජනය හේතුවෙන්, අද (04) පස්වරුවේ ධාවනයට නියමිත සියලු කාර්යාල දුම්රිය අවලංගු කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මාලිගාවත්ත දුම්රිය ස්ථානයේ සේවයේ නියුතු දුම්රිය...

රේගුවේ දූෂණය ගැන IMF අප්‍රසාදයෙන්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා රේගුව පිළිබඳ දැඩි අප්‍රසාදය පළ කර තිබෙන බව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසා තිබෙනවා. ඔහු තවදුරටත්...

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 343 කින්...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...