33 C
Colombo
Thursday, April 18, 2024

චීනය තායිවානයට ප්‍රහාරයක් එල්ල කළහොත් සිදුවිය හැකි දේ ගැන ඇමරිකාවෙන් ප්‍රකාශයක්

- Advertisement -

තායිවානයට ප්‍රහාරයක් එල්ල කිරීම චීනය කටයුතු කළහොත් එය උපායමාර්ගික වැරැද්දක් වනු ඇතැයි එක්සත් ජනපද ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ සභාපති ජෙනරාල් මාර්ක් මිලී බදාදා ප්‍රකාශ කරයි.

මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ ලෝකයේ විශාලතම ආර්ථිකයන් හිමි චීනය සහ ඇමරිකාව අතර උපායමාර්ගික එදිරිවාදිකම් අඛණ්ඩව තීව්‍රවීම මධ්‍යයේයි.

සමුද්‍ර සන්ධිය හරහා තායිවානයට පහර දීම සහ වටලෑම දුෂ්කර කාර්යයක් බවත් තායිවානයේ වැඩි කොටසක් කඳුකර දූපත් බැවින් එය ඉතා දුෂ්කර හමුදා ක්‍රියාමාර්ගයක් වනු ඇතැයි ද ඔහු පැවසීය.

එහිදී චීන ජාතිකයන් දැඩි අවදානමකට ලක් වනු ඇති බවත් එය අනුවන භූ දේශපාලනික අත්වැරැද්දක් සහ යුක්රේනයේ පුටින් කර ඇති දෙයට සමාන උපායමාර්ගික වැරැද්දක් වනු ඇති බවත් ජනරාල් මිලී මාධ්‍ය හමුවකදී පවසා තිබේ.

තායිවානයේ තත්ත්වය සහ දිවයින ආරක්ෂා කර ගැනීමට සූදානම් වීමේදී යුක්රේනයේ ගැටුමෙන් පාඩම් ඉගෙන ගත යුතු බව ද ඔහු එහිදී පැවසීය.

චීනය වේගවත් තර්ජනයක් ලෙස හඳුන්වමින් ජෙනරාල්වරයා පැවසුවේ, සියවසේ මැද භාගය වන විට චීනය අංක එකේ බලවතා බවට පත්වීමේ අරමුණ ඉදිරියට ගෙන ගොස් ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

දියේ ගිලී පාසල් සිසුවෙක් අතුරුදන්

කාස්ලරී ජලාශයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා. මෙලෙස අතුරුදන්ව ඇත්තේ 17 හැවිරිදි වියේ පසුවූ කාසල්රී වතු යායේ පදිංචිව සිටි පාසල්...

ඇඹිලිපිටිය කඩදාසි කම්හල යළි වැඩ අරඹයි

ඇඹිලිපිටිය කඩදාසි කම්හල තුළ යළි මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබෙනවා. සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මැති ඇමැතිවරු පිරිසකගේ සහභාගිත්වයෙන් අද (18) ඇඹිලිපිටිය...

තියුණු ආයුධයකින් පහරදී ව්‍යාපාරිකයෙක් ඝාතනය කරලා

කුරුණෑගල, රිදීගම ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී ව්‍යාපාරිකයෙකුව ඝාතනය කර තිබෙනවා. මෙම ඝාතනය ඊයේ (17) රාත්‍රියේ සිදුකර ඇති බවට පොලීසිය සැකපළ කරනවා. ඝාතනයට ලක්ව ඇති...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...