27 C
Colombo
Friday, April 19, 2024

උසස් පොලිස් නිලධාරීන් පාස්කු ප්‍රහාරයේ විමර්ශන ජාතිවාදී තලයකට තල්ලුකිරීම හෙළා දකිනවා – ඒකාබද්ධ නිවේදනයක්

- Advertisement -

පාස්කු ඉරු දින සිදුවූ ප්‍රහාරය විමර්ශන කොමිෂන් සභාව විසින් නම්කොට නිර්දේශ ඉදිරිපත් කර ඇති ඇතැම් උසස් පොලිස් නිලධාරීන් එය ජාතිවාදී සහ ආගම්වාදී තලයකට තල්ලු කිරීමේ උත්සහය හෙළා දකින බව ආගමික නායකයින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටිනවා.

එම නිවේදනයට පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබද ජාතික කතෝලික ප්‍රකාශක කමිටුවේ සාමාජික සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා, අගරදගුරු පදවි ජනසන්නිවේදන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිසාන්ත ප්‍රනාන්දු පියතුමා, කළුතර දිසාවේ ප්‍රධාන සංඝනායක හා කොළඹ නව කෝරළේ නව තොටමුණේ ප්‍රධාන අධිකරණ සංඝනායක අතිපූජ්‍ය පරකඩුවේ සරණංකර හිමි හා බියගම ත්‍රෛනිකායික භික්ෂු බලමණ්ඩලයේ ලේඛකාධිකාරී අතිපූජ්‍ය බෙලිගල අමරසිරි හිමි අත්සන් තබා තිබෙනවා.

නිවේදනය මඟින් ආගමික නායකයින් පෙන්වා දෙන්නේ පාස්කු විමර්ශන කොමිෂන් සභාව විසින් නම්කොට නිර්දේශ ඉදිරිපත් කර ඇති ඇතැම් උසස් පොලිස් නිලධාරීන් පිරිසක් මෑතකදී මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයකින් හැඟී යන්නේ ඔවුන් සිංහල බෞද්ධයන් වීම නිසා ඔවුන්ව පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන් කිරීමට සැරසෙන බවයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශන සහ නීතිමය කටයුතු ජාතිවාදී සහ ආගම්වාදී තලයකට තල්ලු කිරීමේ පහත් අරමුණක් එම ප්‍රකාශයේ ගැබ්ව ඇති බව පෙනෙන්නට ඇති බැවින් එම ප්‍රකාශය තරයේ හෙළා දකින බව නිවේදනයේ සදහන්.

එවැනි අන්තවාදී ප්‍රකාශ හමුවේ නොසැලී පාස්කු ප්‍රහාරයේ විමර්ශන සහ නීතිමය කටයුතු දේශපාලන බලපෑම්වලින් තොරව සාධාරණව සහ විනිවිදභාවයෙන් යුතුව සිදුකරන ලෙස අදාල බලධාරීන්ගේන් ඉල්ලා සිටින බව පවසමින් මෙම ඒකාබද්ධ නිවේදනය නිකුත් කර තිබෙනවා.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පරිපාලන කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, නුවරඑළිය දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අතුකෝරළ, මොණරාගල කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර හේරත්, මුලතිව් සහකාර පොලිස් අධිකාරී නුවන් කුමාරසේකර සහ කටාන හිටපු පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල නවරත්න යන උසස් පොලිස් නිලධාරීන් පසුගිය 19 වනදා සියම් පාර්ශවයේ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන හිමියන් බැහැදුටුවා.

මහනාහිමි සමගින් මෙම පොලිස් නිලධාරීන් දුක්ගැනවිල්ලක් ලෙස පවසා සිටියේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති කොමිෂමේ නිර්දේශ මත තමන්ට එරෙහිව සිදුවන විමර්ශන හේතුවෙන් ගැටළු රැසකට මුහුණදී සිටින බවයි.

RECENT ARTICLES - SINHALA

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක්

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙළිවී ඇති බව කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා. කොළඹ මහ...

විදේශිකයෙකුට වැඩි මුදලට ආහාර විකිණූ තවත් අයෙක් අත්අඩංගුවට

කළුතර ප්‍රදේශයේ ආපනශාලාවකදී විදේශීය ජාතිකයෙකු නොමඟ යවමින් අධික මිලකට උළුඳු වඩයක් සහ තේ කෝප්පයක් විකිණීමේ සිද්ධියට අදාළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (18)...

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට සැකපිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මාවතගම පොලිස් ස්ථානයට අනුයුක්තව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...