32 C
Colombo
Monday, March 17, 2025

පාර්ලිමේන්තුවේ හඬපට පිටට දෙන්න බැහැ – කතානායක

- Advertisement -

පාර්ලිමේන්තුවේ කාරක සභාවල හඬ පට පිටට දිය නොහැකි බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (17 ) පවසා තිබෙනවා.

ඔහු එහිදී සඳහන් කර ඇත්තේ එය පාර්ලිමේන්තුව ගත් තීරණයක් බවයි.

ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා සිය වරප්‍රසාද ප්‍රශ්නය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී කතානායකවරයා මෙසේ පවසා තිබෙනවා.

මෙහිදී අදහස් දැක්වූ චන්දිම වීරක්කොඩි මහතා පැවසුවේ පාර්ලිමේන්තු කාරක සභාවේදී  තමාට කළ තර්ජනය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට අදාළ හඬ පටය අවශ්‍ය බවයි.

මේ අතර, චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයාට තර්ජනය කිරීම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීමක් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පෙන්වා දී තිබෙනවා.

මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කිරීමට කතානායකවරයා බැඳී සිටින බැවින් අදාළ හඬ පටය නිකුත් කරන ලෙස ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානායකවරයාගෙන් ඉල්ලා තිබෙනවා.  

කෙසේවෙතත් මීට ප්‍රතිචාර දැක්වූ කතානායකවරයා පවසා ඇත්තේ එම හඬ පටය වරප්‍රසාද කමිටුවේදී වාදනය කළ හැකි බවයි.

කාරක සභාවකදී මන්ත්‍රීවරයකුට තර්ජනය කිරීම සම්බන්ධයෙන් අදාළ හඬ පටය  නිකුත් කිරීමට කතානායකවරයා බැඳී සිටින බව මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබෙනවා.

මේ අතර,  චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ තමාට සිදු කළ තර්ජනය සම්බන්ධයෙන් අධිකරණයට යෑමට බලාපොරොත්තු වන බවයි.

RECENT ARTICLES - SINHALA

මියගිය අඹුසැමි යුවළගේ සිරුරු දින කිහිපයකට පසු හමුවෙයි

බගවන්තලාව පොලිස් වසමට අයත් තෙරේසියා වතුයායේ නිවසක් තුළ දින කිහිපයකට පෙර මියගොස් ඇතැයි සැකකෙරෙන අඹුසැමි යුවළකගේ සිරුරක් බලවන්තලාව පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙසේ මිය ගොස්...

මර්වින් සිල්වා යළි රිමාන්ඩ්

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ලබන 24 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ ඔහු අද (17) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්...

හරක් කටාට පනින්න උදව් කළ පොලිස් කොස්තාපල්ට අධි චෝදනා

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාට ඉන් පලායාමට ආධාර අනුබල දුන්නේ යැයි ඉන්දියාවේදී අත්අඩංගුවට...

POPULAR ARTICLES