26.1 C
Colombo
Wednesday, October 4, 2023

ශ්‍රී ලාංකීකයන්ගේ නවසීලාංකික පැතුම් බොඳ කරමින් කැන්ගරුවන් T20 ලෝක කුසලානය ඩැහැ ගනී….

- Advertisement -

මසකට ආසන්න කාලයක් පැවති 2020 T20 ලෝක කුසලාන තරගාවලියේ කිරුල තමන් සතු කර ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.

ඒ අවසන් මහා තරගයේ දී නවසීලන්ත කණ්ඩායම කඩුලු 8කින් පරාජයට පත් කරමින්.

5 වරක් පන්දුවාර 50 ලෝක ශූරයන් වූ ඕස්ට්‍රේලියාව T20 ලෝක කුසලානය දිනාගත් පළමු අවස්ථාව මෙයයි.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු නායක ආරොන් ෆින්ච් පළමුවෙන් පන්දුවට පහරදීමට නවසීලන්තයට ආරාධනා කළේ අවසන් මහා තරගයේ ඕනෑම ඉලක්කයක් හඹා යා හැකිය යන්න විශ්වාස කරමින්.

ඒ අනුව පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමේ ලකුණු පුවරුව ලකුණු 28ක්ව පවතින විට පළමු කඩුල්ල ලෙස ඩායල් මිෂෙල් ලකුණු 11කට ජෝෂ් හර්සල්වුඩ් සමත් වුණා.

කෙසේ වෙතත් ඉන් අනතුරුව මාටින් ගප්ටෙල් සමග එක්වූ නායක කේන් විලියම්සන් නවසීලන්ත ඉනීමට ස්ථාවර අඩිතාලමක් දැමුවා.

වෙනදාට වඩා යම් මන්දගාමි ඉනීමක් ක්‍රීඩා කළ මාටින් ගප්ටෙල් පන්දු 35ක් තුළ ලකුණු 28ක් ලබා සිටියදී දැවී ගියේ ඇඩම් සම්පාගේ පන්දුවකට මාකස් ස්ටෝනිස් විශිෂ්ඨ උඩපන්දුවක් රැකගැනීමත් සමගයි.

කෙසේ වෙතත් මෑත කාලීනව අවස්ථා ගණනාවකදි නිහඬව උපක්‍රමශීලීව තම කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් වූ කේන් විලියම්සන් මෙවරද නායකත්වයේ ඉනීමකට උරදුන්නේ වෙනදා තිබු ස්ථාවර පිතිකරණ රටාවට ප්‍රචණ්ඩත්වයක්ද එක් කරමින්.

එම ප්‍රචණ්ඩ ප්‍රහාරාත්මක පිතිකරණයත් සමග T20 ලෝක කුසලාන අවසන් තරගයකදී ක්‍රීඩකයෙකු රැස්කළ වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාවත් විලියම්සන් තම නම ඉදිරියේ සටහන් කර ගත්තේ සිය අර්ධ ශතකයට පන්දු 32ක් පමණක් වැය කිරීම හේතුවෙන්.

නවසීලන්ත ඉනීමේ 04වන කඩුල්ල ලෙස කේන් විලියම්සන් දැවී යන විට පන්දු 48ක් තුළ වේගවත් ලකුණු 85ක් ලබාගෙන සිටියේ අලංකාර හතරේ පහර 10ක් සහ දැවැන්ත හයේ පහර 03ක්ද එල්ල කරමින්.

කෙසේ වෙතත් විලියම්සන් ඇතුළු නවසීලන්ත පිතිකරුවන්ගේ දැඩි ප්‍රහාරයකට ලක්වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පළපුරුදුම පන්දු යවන්නා වන මිෂෙල් ස්ටාර්ක් සිය පන්දුවාර 4 තුළ ලකුණු 60ක් ලබාදුන්නද කිසිදු කඩුල්ලක් දවා ගැනීමට සමත් වූයේ නැහැ.

පන්දු යැවීමේදි ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ජෝෂ් හර්සල්වුඩ් සිය පන්දුවාර 04 තුළ ලකුණු 16ක් පමණක් ලබාදෙමින් කඩුලු 03ක් ඩැහැ ගැනීමට සමත් වුණා.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ නවසීලන්ත කණ්ඩායම කඩුලු 04ක් දැවී ලබාගැනීමට සමත් වූ ලකුණු සංඛ්‍යාව 172ක්.

ලකුණු 173ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 05ක් ලබා සිටි නායක ආරොන් ෆින්ච් යළි ක්‍රීඩාගාරයට හරවා යැවීමට ට්‍රෙන්ට් බෝල්ට් සමත් වුණා.

අනතුරුව ඩේවිඩ් වෝනර් සමග එක්වූ මිෂෙල් මාෂ් නවසීලන්තයට යළිත් වරක් ලෝක කුසලානයක සිහිනය බොඳ කරමින් තම කණ්ඩායම ජයග්‍රාහී මාවතට රැගෙන ගියා.

එහිදී හෝරාවකට ආසන්න කාලයකදී නවසීලන්ත නායක කේන් විලියම්සන් තමන් සතු කරගත් T20 ලෝක කුසලාන අවසන් තරගයක වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාව තමන් සතු කරගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මිෂෙල් මාෂ් සමත් වුණා.

පන්දු 50ක් තුළ ලකුණු 77ක් ලබාගත් මාෂ්ගේ ඉනිම හයේ පහර 04කින් සහ හයේ පහර 06කින් වර්ණවත් වුණා.

එමෙන්ම සුපුරුදු ලෙස අවැසිම මොහොතේ කණ්ඩායමට තමන්ගෙන් සිදුවිය යුතු වගකීම අකුරටම ඉටුකළ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර අර්ධ ශතකයක්ද සමගින් පන්දු 37ක් තුළ ලකුණු 60ක් ලබාගැනීමට සමත් වුණේ හතරේ පහර 4ක් සහ දැවැන්ත හයේ පහර 03ක් සමගින්.

ඒ අනුව පන්දුවාර 18 යි පන්දු 05ක් තුළදී කඩුලු 02ක් පමණක් දැවී ලකුණු 173ක් ලබාගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම 2020 ලෝක T20 ශූරතාව තමන් සතු කරගත්තා.

තරගයේ වීරයා සම්මානය ඕස්ට්‍රේලියාවේ ඕස්ට්‍රේලියාවේ මිෂෙල් මාෂ් දිනාගත්තා.

තරගාවලියේ වීරයා සම්මානය හිමිවූයේ ඕස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර් හටයි.

මෙවර තරගාවලියේ වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නා බවට පත්වූයේ තරග 08ක් තුළ කඩුලු 16ක් ලබාගත් ශ්‍රී ලංකාවේ වනිදු හසරංගයි.

තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා පකිස්තාන නායක බාබර් අසාම් වන අතර තරග 06ක් තුළ ඔහු ලබාගෙන තිබු ලකුණු සංඛ්‍යාව 303ක්.

RECENT ARTICLES - SINHALA

සමාරම්භක උලෙළක් නැති ලෝක කුසලානය

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර එනම් අද (04) පස්වරු 7ට අහමදාබාද් නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ සමාරම්භක උලෙළ හදිසියේම අවලංගු කිරීමට ඉන්දීය ක්‍රිකට්...

වත්කම් ප්‍රසිද්ධ කරලා තියෙන්නේ 225න් 12 දෙනෙක් පමණයි-හර්ෂ ද සිල්වා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැන වූ කොන්දේසියක් අනුව වත්කම් බැරකම් ප්‍රකාශය ප්‍රසිද්ධ කර ඇත්තේ පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන් දොළොස් දෙනෙක් පමණක් බව සමගි ජන බලවේගයේ කොළඹ...

මාතර සියලුම පාසල් වසා දැමේ

මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (05) සහ අනිද්දා (06) දෙදින වසා තැබීමට තීරණය කර තිබෙනවා. පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙන බවට වාර්තා...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...