සමාජ මාධ්‍ය භාවිතා කිරීමේදී ළමුන්ට අවම වයස් සීමාවක් පැනවීම සඳහා ඕස්ට්‍රේලියාව සැලසුම් ඉදිරිපත් කර තිබෙනවා.
සමාජ මාධ්‍ය භාවිතයෙන් දරුවන්ගේ මානසික හා ශාරීරික සෞඛ්‍ය වෙත එල්ල වී ඇති අහිතකර බලපෑම් අවම කිරීමේ අරමුණෙන් ඕස්ට්‍රේලියාව මෙම නව නීතිය ගෙන ඒම සඳහා සූදානම්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඕස්ට්‍රේලියානු රජය පවසා ඇත්තේ මෙම වයස් සීමාව තීරණය කිරීමට පෙර ඒ සඳහා පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බවයි.
නිශ්චිත වයස් සීමාවක් තවමත් පනවා නොමැති නමුත්, 14 -16 යන වයස් සීමාවල පසුවන දරුවන්ට මෙම නීතිය වලංගු විය හැකි බව එරට රජය පවසා තිබෙනවා.
මෙම නීතිය හඳුන්වා දීමට කටයුතු කළහොත් සමාජ මාධ්‍ය සඳහා වයස් සීමාවක් පැනවූ ලෝකයේ පළමු රටවල් අතරට ඕස්ට්‍රේලියාව එක්වනු ඇති.
සමාජ මාධ්‍ය භාවිතා කිරීමේදී ළමුන්ට අවම වයස් සීමාවක් පැනවීම සඳහා යුරෝපා සංගමය මින් පෙර අවස්ථා ගණනකදී සැලසුම් සකස් කර තිබුණත්, බාලවයස්කරුවන්ගේ අයිතීන් උල්ලංඝනය වන බවට ලද පැමිණිලි හමුවේ එම උත්සාහයන් ව්‍යවර්ථ වී තිබුණා.