32 C
Colombo
Tuesday, February 18, 2025

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ලංකාවට

- Advertisement -

‘වෝන් – මුරලි’ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ (24) රාත්‍රියේ දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ, ඩුබායිහිදී පැවැති පුහුණු කඳවුරකට සහභාගිවීමෙන් අනතුරුවයි.

ලෝක ටෙස්ට් ශූරතාව යටතේ පැවැත්වෙන තරග 2කින් යුත් මෙම ‘වෝන් – මුරලි’ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සියලුම තරග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතයි.

එහි පළමු තරගය එළැඹෙන 29වනදා ආරම්භ වෙනවා.

මෙම ටෙස්ට් තරගාවලියට අමතරව ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එක්දින තරග 2කට ක්‍රීඩාකිරීමටද නියමිත අතර, එම තරග පෙබරවාරි 12 සහ 14 දිනවල කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

තරඟාවලිය සඳහා තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය ඊයේ (24) නම් කරනු ලැබුවා.

 ධනංජය ද සිල්වා (නායක), දිමුත් කරුණාරත්න, පැතුම් නිශ්ශංක (ශරීර යෝග්‍යතාව මත), ඕෂද ප්‍රනාන්දු, ළහිරු උදාර, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්,  කමිඳු මෙන්ඩිස්, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, සොනාල් දිනූෂ, ප්‍රභාත් ජයසූරිය, ජෙෆ්රි වැන්ඩර්සේ, නිශාන් පීරිස්, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර, මිලාන් රත්නායක

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකරපු විදිය ගැන වෘත්තීය සමිති රැසකගේ අප්‍රසාදය

මෙවර අයවැය මඟින් රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට වෘත්තීය සමිති රැසක අප්‍රසාදය පළ කර තිබෙනවා. අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා...

වියළි කාලගුණික තත්ත්වයෙන් ජල සැපයුමට බාධා

පවතින කාලගුණික තත්ත්වය හමුවේ ජල සැපයුමට බාධා ඇති වීම සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ දිනවල දිවයිනේ පවතින අධික...

හිටපු ඇමති ප්‍රියංකරට අධිචෝදනා

හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා බාරදී තිබෙනවා. ඔහු සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රුපියල් 494000/- ක...

POPULAR ARTICLES