ඕස්ට්‍රේලියානු බලශක්ති සමාගමක් යටතේ ක්‍රියාත්මක යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකා සමාගම නුදුරේදීම ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු නවතා දැමීමට සූදානම්ව ඇති බව DailyFT වාර්තා කරනවා.
සිය පළමු ජාත්‍යන්තර ව්‍යාපෘතිය ලෙස 2024 සැප්තැම්බර් මාසයේ සිට මෙරට ඉන්ධන පිරවුම් හල් 150 කින් ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ආරම්භ කර තිබූ එම සමාගම මෙරට ක්‍රියාත්මක වී ඇත්තේ වසරකටත් අඩු කාලයක්.
ඒ අනුව, සිය සමාගම මුහුණ දී ඇති අනපේක්ෂිත තත්වයක් හමුවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගමේ සේවකයින් ඉවත් කිරීමට නියමිත බව සමාගම එම සේවකයින්ට දැනුම් දී තිබෙනවා.
කෙසේවෙතත්, මෙම අත්තනෝමතික තීරණයට එරෙහිව එම සමාගමෙ සේවකයින් ශ්‍රී ලංකාවේ කම්කරු නීතිය යටතේ කටයුතු කරමින් සිටින බවත් මේ වන විට ඒ සම්බන්ධ නීතිමය උපදෙස් ලබා ගනිමින් සිටින බවද වාර්තා වෙනවා.
යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම 2024 දෙසැම්බර් මාසයේදී, මිලකරණය සහ මෙහෙයුම් තත්ත්වයන් පිළිබඳව පවතින දුෂ්කරතා හමුවේ ඉන්ධන සැපයුම් නතර කර තිබුණා.
එම සමාගම ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කර තිබුණේ, වසර 20 ක ආයෝජන මණ්ඩල ගිවිසුමක් අත්සන් කර ඉන්ධන ආනයනය, ගබඩා කිරීම සහ විකුණුම් සඳහා ඩොලර් මිලියන 27.5 ක් ආයෝජනයක් සිදු කරමින්.
එම ආයෝජනය එවකට ප්‍රශංසාවට ලක්ව තිබුණේ ශ්‍රී ලංකාවට පැමිණීම සලකන ලද්දේ ඉන්ධන වෙළඳපොළ විවිධාංගීකරණය කිරීමේ දැවැන්ත පියවරක් ලෙසයි.
2023 මාර්තු මාසයේදී, ශ්‍රී ලංකා රජය යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගමද ඇතුළුව චීනය, ඇමරිකා එක්සත් ජනපදය සහ ඕස්ට්‍රේලියාවේ ගෝලීය සමාගම් තුනකට වසර 20 ක ඉන්ධන බලපත්‍ර ප්‍රදානය කරනු ලැබුවා.
මේ වන විට ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම මෙරට මෙහෙයුම් නවතා දැමීමට තීරණය කර තිබීමත් සමඟ සෘජු විදේශීය ආයෝජන ආකර්ෂණය කර ගැනීමට මෙන්ම එම ආයෝජන පවත්වා ගැනීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව සම්බන්ධයෙන් ගැටලුසහගත තත්වයක් මතු වී තිබෙනවා.