27 C
Colombo
Saturday, May 24, 2025

ටින් එක ගැන දැනුවත් කිරිමක්

- Advertisement -

තැන්පතු මුදල්  මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති වුවද බැංකු වෙත යොමුකළ හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙනවා.

මේ බව පැහැදිලි කෙරුණේ අද (23) පැවති මාධ්‍ය සාකච්ඡාවකදීයි.

එමෙන්ම එසේ භාරගන්නා ස්වයං ප්‍රකාශනවල හිමිකරුවන්ට දේශිය ආදායම් දෙපාර්තමේන්තුව මගින් ටින් අංකය ලබාදීමේ වැඩපිළිවෙළක් සකසන බව ද එහිදී සඳහන් කෙරුණා.

මහජනතාවගේ මුදල් තැන්පතු සඳහා ලැබෙන පොලිය මත මෙතෙක් අයකළ 5%ක රැඳවුම් බද්ද 10% දක්වා ඉහළ දැමීමට මෙවර අය වැයෙන් තීරණය කර තිබෙනවා.

නමුත් පුද්ගලයෙකුගේ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 18ට වඩා අඩු වන්නේ නම් එම පුද්ගලයාගෙන් මෙම රැඳවුම් බද්ද අයකර ගැනෙන්නේ නැහැ.

ඒ අනුව එවැනි පිරිසට එම සහනය ඉල්ලා සිටිමින් බැංකු හා මූල්‍ය ආයතන වෙත ස්වයං ප්‍රකාශනයක් ඉදිරිපත් කළ හැකි බව රජය නිවේදනය කළා.

එම ස්වයං ප්‍රකාශනයට TIN අංකය අනිවාර්ය බැවින් එය ලබාගැනීම සඳහා මේ දිනවල විශාල ජනකායක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පැමිණමෙින් සිටින බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් කේ.එස් ශාන්ත මහතා,

“වාර්ෂික ආදායම ලක්ෂ 18 ඉක්මවන්නේ නැත්නම් මූල්‍ය ආයතන වෙත ස්වයං ප්‍රකාශයක් සිදුකරන්න පුළුවන්. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ එම ප්‍රකාශය තිබෙනවා. ප්‍රකාශය කරන පුද්ගලයාට TIN අංකයක් තිබිය යුතුයි. TIN අංකය ලබාගැනීමට විශාල පිරිසක් පැමිණෙනවා. TIN අංකය නැතුව ප්‍රකාශය භාරගන්න කියලා බැංකුවලින් ඉල්ලීම් කළා. මේ මාසයේ TIN අංක නොමැතිව ප්‍රකාශ ලබාදෙන අයගේ විස්තර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුම් දෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට TIN අංකය ලබාදෙන්න පුළුවන්. වැරදි ප්‍රකාශන ලබාදෙන අයට එරෙහිව දඬුවම් දීමේ විධි විධාන තිබෙනවා.”
 
RECENT ARTICLES - SINHALA

ලංගම බස් රථයක් ටිපරයක ගැටී මාරක අනතුරක්

කොළඹ - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැලිආර ප්‍රදේශයේදී අද (24) අලුයම 2.45ට පමණ සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා . මෙසේ අනතුරට ලක්ව ඇත්තේ, මඩකලපුවේ සිට...

අද වැසි වැටෙන ප්‍රදේශ

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර සහ...

බස් රථයක් පෙරළී අනතුරක්: 21ක් රෝහලේ

නුවරඑළිය - මහනුවර මාර්ගයේ ටොප්පාස් ප්‍රදේශයේදී නුවරඑළිය දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් ඊයේ (23) රාත්‍රියේ...

POPULAR ARTICLES