සිය වැඩිමහල් සොහොයුරාගේ සිරුරට යටවී බිළිදියක් මිය ගොස් ඇති බවට පුවතක් වාර්තා වෙනවා.
කළුතර දකුණ පොලිසිය සඳහන් කළේ මෙසේ මිය ගොස් ඇත්තේ වයස මාස හයක බිළිදියක් බවයි.
අදාළ බිළිදිය නිදා සිටියදී වැඩිමහල් සොහොයුරා ගේ ඇගට යට වී ඇති අතර බිළිඳිය නාගොඩ ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඇය මිය ගොස් තිබෙනවා.
පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.