25 C
Colombo
Sunday, December 10, 2023

ඇමැති ඉදිරියේ හැසිරුණු හැටි හොද නෑ – වනජීවී නිලධාරියා එළියට දැමීමේ උත්සාහයක් !

- Advertisement -

සෝමාවතිය ජාතික වනෝද්‍යානයට නීතිවිරෝධී ලෙස ගවයන් ඇතුළු කිරීම ඇතුළු එහි සිදුකරන නීතිවිරෝධී ක්‍රියාවලට එරෙහිව විෂය භාර රාජ්‍ය ඇමැති විමලවීර දිසානායකට කරුණු පැහැදිලි කළ වන සත්ත්ව අඩවි ආරක්ෂක නිලධාරි ඩබ්ලිව්.කේ. වාසල මහතාගේ වැඩ තහනම් කරන ලෙස රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.පී.පී.ප්‍රනාන්දු විසින් වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාරට උපදෙස් දී තිබේ.‍

ඇමැතිවරයකු ඉදිරියේ අවිනීතව හැසිරීම හේතුවෙන් මෙසේ අදාළ නිලධාරියාගේ වැඩ තහනම් කරන ලෙස ලේකම්වරයා විසින් උපදෙස් දී ඇත්තේ දෙසැම්බර් 22 වන දිනය.

මෙහිදී අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලේකම්වරයාට කරුණු පැහැදිලි කරමින් පවසා ඇත්තේ පරීක්ෂණයක් පැවැත්වීමෙන් තොරව, එසේ නිලධාරියකුගේ වැඩ තහනම් කළ නොහැකි බවයි.

එහිදී ආවේගයෙන් හැසිරී ඇති ලේකම්වරයා, කුමන හෝ ආකාරයකට මෙය වහාම සිදුවිය යුතු යැයි අවධාරණය කර ඇත.

RECENT ARTICLES - SINHALA

AI තාක්ෂණයට ඉතිහාසයේ වැඩිම මුදල අයවැයෙන් වෙන් කළා- ජනාධිපති රනිල්

කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය මෙරටට ගෙන ඒමට සහ විද්‍යාත්මක හා තාක්ෂණ පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මෙරට ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල...

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත යළි හෙට පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තුවට අද (10) දින ඉදිරිපත් කර සම්මත කිරීමට නියමිතව තිබූ වැට් බදු පනත් සංශෝධන පනත් කෙටුම්පත යලි හෙට (11) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත...

පෙට්‍රල් සහ ඩීසල් වලටත් බඳු ගහනවා-රංජිත් සියඹලාපිටිය

පෙට්‍රල් සහ ඩීසල් සඳහා ද VAT නොහොත් එකතු කළ අගය මත බද්ද අය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ඔහු මේ බව...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

සුරාසල් විවෘතව තබන වේලාවේ වෙනසක්

දෙසැම්බර් මස 09 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සුරාසල් විවෘත කරන හා වසනු ලබන වෙලාව සංශෝධනය කර තිබෙනවා. සුරාබදු ආඥා පනතේ 52 වැනි අධිකාරියේ 32-1...

අර්ජුනගෙන් අලුත් සන්ධානයක්

දූෂිතයින්ගෙන් සහ වංචාකාරීන්ගෙන් තොර නව සන්ධානයක් බිහි කරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන අර්ජුන රණතුංග පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, අස්ගිරි...