24 C
Colombo
Tuesday, March 21, 2023

දමිතා අබේරත්නට ඇප

- Advertisement -

පසුගිය ජුලි මස ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුවී එහි දේපළවලට හානිකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය ඇප මත නිදහස් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (12) නියෝග කළා.

ඒ ඇයව අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

කෙසේවෙතත් දමිතා අබේරත්න මහත්මියට විදේශගතවීම තහනම් කරමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

බත්තරමුල්ල දියත උයනේ පසුගිය 07 වනදා පස්වරුවේ පැවති විරෝධතාවක් අවසන් කර නැවත යමින් සිටියදී දමිතා අබේරත්න මහත්මිය කොළඹ උතුර අපරාධ කොට්ඨාසයේ විමර්ශන ඒකකය විසින් පසුගියදා අත්අඩංගුවට ගැනුණා.

පසුගිය ජූලි 14 වනදා ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළුවී 22 වනදා දක්වා එහි රැඳීසිටිමින් අයුතු ජනරාශියක සාමාජිකයෙකුවීම සහ රුපියල් ලක්ෂ 12ක අලාභයක් ඊට සිදුකිරීම යන චෝදනා ඇය වෙත පොලීසිය විසින් එල්ලකර තිබුණා.

RECENT ARTICLES - SINHALA

කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ...

BREAKING – IMF ණය පහසුකම අනුමත වෙයි

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර...

පුෂ්පිකාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ දිනයේදී තමාට සුළු තුවාල සිදුකළැයි කියන සිද්ධියට අදාළ පැමිණීලිකාරිය වන පුෂ්පිකා ද සිල්වා මහත්මියට ලබන ජුනි...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.