24 C
Colombo
Sunday, January 19, 2025

Galle Marvels හිමිකරුට ඇප

- Advertisement -

මහනුවර, පල්ලෙකැලේ පැවති ලංකා ටි 10 ක්‍රිකට් තරගාවලියේදී බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙකුට තරඟ පාවාදීම සඳහා යෝජනා කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ගෝල් මාවල්ස් කණ්ඩායමේ හිමිකරු වූ ඉන්දීය ජාතික ප්‍රේම් තකාර් නැමැත්තා ඇපමත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මෙම පැමිණිල්ල අද (20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු තම සේවාදායකයා ඇපමත මුදාහරින ලෙස ඉල්ලා සිටියා.

ඊට ප්‍රතිචාර දක්වමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ උදාර කරුණාතිලක සඳහන් කළේ, මෙම සැකකරු ශ්‍රී ලංකාව තුළ රඳවා ගත හැකි වන ආකාරයේ සුදුසු නියෝගයක් අධිකරණය විසින් ප්‍රකාශයට පත් කරන ලෙසයි.

ඒ අනුව, අදාළ සැකකරු රුපියල් ලක්ෂ පහක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ අතර, සැකකරු විදේශගත වීම තහනම් කරමින් නියෝගයක්ද නිකුත් කළා.

ඊට අමතරව සෑම බදාදා දිනකම සැකකරු ක්‍රීඩා දූෂණ විමර්ශන පොලිස් ඒකකය හමුවේ පෙනී සිටිය යුතු බවටත් තවත් ඇප කොන්දේසියක් පනවනු ලැබුවා.

ඉන් අනතුරුව පැමිණිල්ල යළිත් ජනවාරි මස 27 වැනිදා කැඳවීමටද නියම වුණා.

RECENT ARTICLES - SINHALA

අනුරපුර පොලොන්නරු යන අයට විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණය හේතුවෙන් පොලොන්නරුව සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක මාර්ග අද (19) ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය අවහිර වී ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. ඒ අනුව...

කෙඳිරි ගෑවොත් දීපු හැටත් අයින් කරනවා – අනුර

ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති ජන හමුවකට...

මහින්ද කොළඹ ගෙදරින් දොට්ට වැටෙන ලකුණු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටින නිවස රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව ඔස්සේ තක්සේරු කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා පවසා සිටියේ එම නිවසෙහි තක්සේරුව...

POPULAR ARTICLES