27 C
Colombo
Wednesday, April 23, 2025

අල්ලස් ගත්ත බව පැවසු අයි.පීට – පී.සීට ඇප

- Advertisement -

රුපියල් 154,200ක මුදලක් අල්ලසක් පොලිසිය තුළදීම ලබාගත්තේ යැයි කියන කොළඹ අපරාධ කොට්ඨාසයේ අපරාධ වාර්තා ඒකක අංක 07 ස්ථානාධිපති, පොලිස් පරීක්ෂකවරයා සහ කොස්තාපල්වරයා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (19) නියෝග කළා.

රුපියල් 25000 මුදල් ඇප දෙකක් සහ ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප හතරක් සැකකරුවන්ට නියම කළ මහේස්ත්‍රාත්වරයා විදෙස් ගමන් තහනමක් ද පනවා තිබෙනවා.

පොලිස් පරීක්ෂක ලසන්ත ධර්මරත්න හා කොස්තාපල් හසිත් දේවින්ද මෙසේ ඇප මත මුදාහැරීමට නියෝග කළා.

සැකකරුවන් විසින් පොලිසිය තුළදී ලබාගත් මුදල් අල්ලසක් නොවන බවත්, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන මුදල් වංචා නඩුවක නඩු භාණ්ඩ හැටියට අධිකරණයට ඉදිරිපත් කිරීමට මුදල් ලබාගෙන ඇති බවත් සැකකරුවන් වෙනුවෙන් නීතිඥ සංජය ගමගේ මහතා කරුණු ඉදිරිපත් කරමින් පැවසුවා.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම මගින් මෙම නඩුව පවරා තිබූ අතර මූලික විමර්ශන අවසන් බව එම කොමිෂන් සභාව අධිකරණයට කරුණු දැක්වීමෙන් පසුව මෙසේ ඇප නියම කළා.

RECENT ARTICLES - SINHALA

දළදා වදින්න එන අය අඳුරගන්න ස්ටිකරයක්

'සිරි දළදා වන්දනාව' සඳහා මහනුවරට පැමිණ පෝලිමේ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා. අද (23) රාත්‍රියේ සිටම මෙය ක්‍රියාත්මක කරනු...

තීරු බදු සාකච්ඡා සාර්ථකයි – අනුර

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට...

ටින් එක ගැන දැනුවත් කිරිමක්

තැන්පතු මුදල්  මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති...

POPULAR ARTICLES