මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම සඳහා පක්ෂය ලබාදීමට රුපියල් ලක්ෂ 300ක අල්ලසක් ලබා ගත් බව කියන එක්සත් ලංකා පොදුජන පක්ෂයේ සභාපතිට හා ලේකම්වරයාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (18) ඇප නියම කර තිබෙනවා.
හේවා වලිමුණිගේ නිහාල් ප්‍රේම කුමාර හා රුවන්තිලක පේදුරු ආරච්චි යන සැකකරුවන්ට මෙසේ ඇප නියම කෙරුණා.
සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධුරය ලබාදීම සඳහා රුපියල් කෝටි 03ක අල්ලස් මුදලක් ලබා ගැනීමට උත්සාහ කළ එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ලේකම් ඇතුළු නිලධාරීන් පිරිසක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් පසුගිය අගෝස්තු 14 වෙනි දින පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ එම පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඇප මුදල් තැන්පත් කළ මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා සිදුකළ පැමිණිල්ලකට අනුවයි.