අසල්වැසියෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු උදයංග වීරතුංග මහතා ඇප මත මුදාහැර තිබෙනවා.
රුපියල් 10,000ක මුදල් ඇපයක් සහ ශරීර ඇප 2ක් මත උදයංග වීරතුංග මහතා මුදා හැරීමට, නුගේගොඩ මහෙස්ත්‍රාත්වරයා අද (17) නියෝග කළා.
පසුගිය ජනවාරි 10 වෙනි දින අසල්වැසියෙකුට පහරදීමේ චෝදනාවක් යටතේ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග, මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
එහිදී, නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කෙරුණු ඔහු අද(17) දිනය ක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.