අත්අඩංගුවට පත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී සහ රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය පොලිස් ඇප මත මුදා හැර තිබෙනවා.
කටුගස්තොට පොලීසිය විසින් ඇයව අත්අඩංගුවට ගනු ලැබුවේ රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන්.
උපේක්ෂා ස්වර්ණමාලි ඇප මත මුදා හැර ඇති නමුත් ඇය පැදවූ මෝටර් රථය අත් අඩංගුවේ ඇති බවත් මෝටර් රථ පරීක්ෂක වරයාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එය මුදා හැරීමට පියවර ගන්නා බවත් පැවසෙනවා.
කටුගස්තොට පොලීසිය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.