ලංකා සතොස ආයතනයේ සිදුවූ බව කියන රුපියල් ලක්ෂ 74 ක සුදුලූනු වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සතොස නිලධාරින් සිව්දෙනා සහ ව්‍යාපාරිකයා ඇප මත මුදාහැර තිබෙනවා.
ඔවුන් අද (14) වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එලෙස මුදාහරන ලෙස නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.
එම නිලධාරීන් සිවුදෙනා පසුගිය 11 වනදා අත්අඩංගුවට ගෙන මේ වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියා.
ලංකා සතොස ආයතනය මහජනතාවට සහනදායී මිලට අළෙවි කිරීමට තිබූ රුපියල් ලක්ෂ 74ක් වටිනා සුදු ලූණු කිලෝග්‍රෑම් 54,860 ක් වංචනික ලෙස මිලටගෙන ළඟ තබාගැනීමේ චෝදනාවට එන්.එස් එන්ටප්‍රයිසස් පුද්ගලික සමාගමේ හිමිකරු වන ඉන්දියන් ජාතික ව්‍යාපාරිකයකයෙකු පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබූවා.
මෙම සැකකාර ව්‍යාපාරිකයා සුදුලුණු ටෙන්ඩරය ලබා ගැනීම සඳහා වැය කර ඇති මුලු මුදල රුපියල් විසි එක් ලක්ෂ හතලිස් පන්දහසක් බවත් ඉන් දහසය ලක්ෂ හතලිස් පන්දහසක් ලංකා සතොස ආයතනයේ ඉහළ නිලධාරියකුටද අනෙක් රුපියල් ලක්ෂ පහ බ්‍රෝකර්වරුන් දෙදෙනාටත් වශයෙන් බෙදී යන ආකාරයෙන් වැය කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.