28.2 C
Colombo
Saturday, April 20, 2024

අවස්ථා රැසකදී ජනමාධ්‍යයට බොරු කියපු බන්දුලට ජනමාධ්‍ය ඇමතිකම

- Advertisement -

බන්දුල ගුණවර්ධන මහතා වඩාත් ප්‍රසිද්ධ වී ඇත්තේ ජනමාධ්‍ය ඉදිරියේ සාවද්‍ය ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධවයි.

වරක් දෙවරක් නොව කිහිප වතාවක්ම බන්දුල ගුණවර්ධන මහතා ඇසින් දුටුවා සේ ප්‍රවෘත්ති සාකච්ඡාවලදී ජනමාධ්‍යවලට අසත්‍ය පවසා ලැජ්ජාවූ ආකාරය ජනමාධ්‍යවේදීන් හට හා මෙරට මහජනයා හට අමතක නොවෙනු ඇත.

2017 වසරේ ජනවාරි මස 11 වන දින ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එවක ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ බන්දුල ගුණවර්ධන මහතා පණ පිහිටුවා පැවසුවේ රාජපක්ෂ රජය කිසිදු අවස්ථාවක සින්නක්කර ඉඩම් විදෙස් රටවලට ලබාදීමට කටයුතු නොකළ බවත් වසර 99 ක කාලයකට අදාළව බදු පදනම යටතේ ඉඩම් ලබාදීමට පමණක් කටයුතු කළ බවත්ය.

කොළඹ වරාය නගරය හෙවත් පෝර්ට් සිටි ඉඩමද ඒ ආකාරයෙන් රාජපක්ෂ රජය ලබාදුන් බවත් කිසිදු ආකාරයකින් සින්නක්කරව ලබා නොදුන් බවත් අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු සඳහන් කළා.

කෙසේවෙතත් එවක BBC මාධ්‍යවේදී අසාම් අමීන් මහතා පැවසුවේ වරාය නගර ගිවිසුමේ අදාළ ඉඩම සින්නක්කරව ලබාදුන් බව සඳහන්වන බවයි.

එය කිසිසේත්ම පිළිනොගත් බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ තමන්ට එම ගිවිසුම පෙන්වන ලෙසයි.

පසුව 2017 ජනවාරි 17 වනදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අසාම් අමීන් මහතා අදාළ ගිවිසුම බන්දුල ගුණවර්ධන මහතාට ලබාදුන්නා.

වරාය හා මහාමාර්ග අමාත්‍යංශය හා චීන සමාගම අතර 2014 වසරේ සැප්තැම්බර් මස අත්සන් කරන ලද අදාළ ගිවිසුමෙහි පැහැදිලිවම සඳහන්ව තිබුණේ එවක මහින්ද රාජපක්ෂ රජය චීන සමාගම හට සින්නක්කරව ඉඩම් ලබාදී ඇති බවයි.

එමෙන්ම මාධ්‍ය ඉදිරියේ අසත්‍ය කරුණු පැවසීමේ සිදුවීමක් පිළිබඳව බැඳුම්කර ගනුදෙණුව සම්බන්ධයෙන් විමසීම සඳහා පත්කරන ලද ජනාධිපති කොමිසමේ කොමසාරිස්වරුන් එවක ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්ධුල ගුණවර්ධන මහතාට 2017 වසරේ මාර්තු මස 09 වනදා දැඩිව අවවාද කළා.

2017 වසරේ මාර්තු මාසයේදී රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් බන්දුල ගුණවර්ධන මහතා පවසා ඇත්තේ බැඳුම්කර සිද්ධියට අදාළ විශේෂ තොරතුරු තමා ළඟ ඇති බවත්, ඒවා කොමිසම ඉදිරියේ හෙළිදරව් කිරීමට කොමිසමෙන් ලිඛිතවම අවස්ථාවක් ඉල්ලා ඇති නමුත් තමාට එම අවස්ථාව නොලැබුණු බවයි.

කෙසේවෙතත් කොමිසමට එවන් ලිපියක් ලැබී නොලැබී තිබූ අතර පසුව කොමිසම බන්දුල ගුණවර්ධන මහතාට අවවාද කළේ මාධ්‍ය ඉදිරියේ අසත්‍ය කරුණු පැවසීමෙන් වළකින ලෙසටයි.

තමා පැවසු කරුණු අසත්‍ය බව බන්ධුල ගුණවර්ධන මහතා බැඳුම්කර කොමිසම හමුවේ පිළිගැනීමෙන් අනතුරුව ඔහුට අවවාද කළ කොමසාරිස්වරු ඉන් අනතුරුව ඔහුගෙ ප‍්‍රකාශයක්ද සටහන් කරගෙන තිබුණා.

එමෙන්ම බන්දුල ගුණවර්ධන මහතා ලබාදුන් අසත්‍ය තොරතුරක් නිසාවෙන් ඔහුගේම කදවුර නියෝජනය කළ උදය ගම්මන්පිල මහතා 2020 වසරේ විශාල අකරතැබ්බයකට මුහුණ දුන්නා.

එහිදී ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඇමතිතුමා විසින් තමන්ට ලබා දුන් වැරදි තොරතුරක් මත පදනම් වී හෝමාගම ඉදිකෙරෙන නව ක්‍රිකට් පිටිය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් සභාව විසින් මුදල් ලබා දී ඇති බවට තමන් විසින් වැරදි ප්‍රකාශයක් කිරීම පිළිබඳ තමන් සමාව අයැදින බවයි.

හෝමාගම, ඩයගම ප්‍රදේශයේ ඉදි කිරීමට යෝජිත මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය සඳහා ජාත්‍යනතර ක්‍රිකට් කවුන්සිලය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 30 ක මුදලක් ප්‍රදානය කරන බවට හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා 2020 මාර්තු 19 පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළා.

කෙසේ වුවත් ශ්‍රී ලංකාවේ එවැනි ක්‍රීඩාංගනයක් ඉදිකිරීමක් සම්බන්ධයෙන් මුදල් ප්‍රදානය කිරීමක් හෝ එකඟතාවයක් ඇති නොවූ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලියේ මාධ්‍ය සම්බන්ධිකරණ නිලධාරි රාජ්ශේකර් රාඕ ප්‍රකාශ කර තිබුණා.


RECENT ARTICLES - SINHALA

අපේක්ෂකයා නැතත් පොහොට්ටුව තියනවා-නාමල් (වීඩියෝ)

ඉදිරි ජනාධිපතවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ අපේක්ෂකයා...

අයිස් සමග නාවික හමුදා ලොක්කෝ දෙදෙනෙකුත් මාට්ටු

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සන්තකයේ...

ඉස්සන් කර්මාන්තය දැඩි අර්බුදයක

ඉස්සන් කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ගැටලු රැසක් පැනනැගී ඇති බව ඉස්සෝ වගාකරුවන් පවසනවා. ඔවුන් සඳහන් කරන්නේ මෙම අසීරු තත්ත්වය මත තම කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...