28.4 C
Colombo
Sunday, May 18, 2025

මනූෂ නිසා බන්දුලාල් බණ්ඩාරිගොඩ ගොඩේ ගොඩ

- Advertisement -

අමාත්‍යවරුන් වන මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමත් සමග මේ වන විට ආණ්ඩුව යම් දෙදරීමකට ලක්ව තිබෙනවා.

ඒ මෙම තීරණයත් සමඟ රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දෙදෙනෙකුගේ මන්ත්‍රී ධූරයද අහිමිවී යාම හේතුවෙන්.

මෙම අධිකරණ තීන්දුව පාර්ලිමේන්තු මහලේකම්වරියට ලැබුණු පසු ඇය විසින් මෙම මන්ත්‍රී ධුර හිස් වී ඇති බවට මැතිවරණ කොමිසන් සභාව වෙත දැනුම් දෙනු ඇති.

ඒ අනුව මැතිවරණ කොමිසම මෙම මන්ත්‍රී ධූර දෙක හිස්ව ඇති බවට රජයේ මුද්‍රණාලයට දැනුම් දුන් පසුව එය ගැසට් නිවේදනයක් මගින් ප්‍රසිද්ධියට පත්කිරීමට නියමිතයි.

අමාත්‍ය මනූෂ නානායක්කාර සමගි ජනබලවේගය පක්ෂයෙන් ගාල්ල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කළ මන්ත්‍රීවරයෙක් වනවා.

ඒ අනුව ඔහුට එම අසුන අහිමි වුවහොත් ගාල්ල දිස්ත්‍රික්කයේ සමගි ජනබලවේගය පක්ෂයේ මනාප ලැයිස්තුවේ ඊළගට සිටින්නේ මනාප 34,897 ක් ලබාගත් බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා වනවා.

RECENT ARTICLES - SINHALA

නලින්ද ස්විට්සර්ලන්තයට

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (18) පෙරවරුවේ ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන වාර්ෂික මහා...

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව විමසිලිමත් බවින් සිටින ලෙසට අදාල...

කඩුවෙල මහේස්ත්‍රාත්වරියගේ සේවය අත්හිටුවලා

0
කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබන්ඩාර මහත්මියගේ සේවය අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබෙනවා. ඒ එම අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත්වරයෙක් සමඟ පැවති සබදතාවයක්,, ඇතැම් පාර්ශ්ව වෙත...

POPULAR ARTICLES

ඇමෙරිකාවේ සුළිකුණාටුවකින් 25ක් මරුට

අමෙරිකාවේ - කෙන්ටකි ප්‍රාන්තයට බලපෑ ටොනේඩෝ සුළිකුණාටුවකින් මේ වන විට පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බලපා ඇති සුළිකුණාටු තත්ත්වය හේතුවෙන් ප්‍රාන්තයේ...

නලින්ද ස්විට්සර්ලන්තයට

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (18) පෙරවරුවේ ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන වාර්ෂික මහා...